ලබන වසරේ සිට පාසල් දරුවන්ට රජයෙන් කරන්න යන දේ

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ (LNW):

ජනාධිපතිවරයාගේ අනුමැතිය අනුව, ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම සඳහා සහනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ,

“අපිට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත සහන කිහිපයක් ලබාදීමට. විශ්‍රාමික දීමනාව, ධීවරයින්ට දෙන දීමනාව වැඩි කරන එක, ඒ සියල්ල අපිට කළ හැකි වුණා. අපිට කෙටි කාලීන දීමනා පමණක් නොව අපි ඉදිරිපත් කරන අයවැය තුළ කොහොමද සමාජ ආරක්ෂණය තහවුරු කරන්නේ, විශ්‍රාමිකයින් ආරක්ෂා කරන්නේ සහ ජීවන වියදම පාලනය කරන්නේ ගැන අවධානය යොමු කරනවා.

විශේෂයෙන් සෞඛ්‍ය හා අධ්‍යාපනය ශක්තිමත් කරන නම් මේ වෙලාවේ ජනතාව මත පැටවී ඇති එම බර ලිහිල් කළ යුතුයි. අපේ වියදමෙන් වැඩි ප්‍රතිශතයක් ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය හා ප්‍රවාහනයට දරන්න සිදුවෙලා තියෙනවා. ඒවා පාලනය කළොත් ජීවන වියදම පාලනය වෙනවා. ඒ අනුව තමා අයවැය සකස් කරන්නේ. අලුත් අවුරුද්දේ පාසල් ආරම්භ වෙද්දි පාසල් දරුවන්ට සහනයක් දෙන්න විශේෂයෙන්ම පොත් පත් ලබාගැනීමේ දී සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එයට සැලසුම් අපි හදාගෙන යනවා…” ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලු රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තමා ග්‍රීන්ලන්තය අත්පත්...

ඉන්දීය ත්‍යාගය නිසා ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රු. මි. 1.5ක මුදලක ඉතිරියක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW : ඉන්දීය යුද හමුදාපති...