72 වන ජාතික සූරතාවය තැන් තුනකදී

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 08, (LNW) කොළඹ:ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මෙහෙයවන 72 වන ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය දෙසැම්බර් 1 වන දා සිට 8 වන දා දක්වා තෙතැනකදී පැවත්වීමට කටයුතු සංව්ධානය කර තිබෙනවා.ඒ අනුව කොළම වෙළධ සේවා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩා පිටිය,ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ගෘහස්ත ක්‍රීඩා පිටිය සහ කොළඹ ඔටර්ස් ක්‍රීඩා සමාජිය පිටිය යන ස්ථාන තුනේදී 72 වන ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය පැවත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය හැටියට සළකනු ලබන්නේ නොවැම්බර් 19 වන දිනයි.ශ්‍රේණිගත කිරීම්වලට අනුව තරගකරුවන් තරග වඳින ආකාරය එළි දැක්වීමට තීරණය කර තිබෙන්නේ නොවැම්බර් 22 වන දිනයි.ඒ සම්බන්ධයෙන් වන විරෝධතා සඳහා නොවැම්බර් 23 වන දා දක්වා කාලය ලබා දී තිබෙනවා.එම කාරණාවලින් පසුව තරග කාල සටහන සකසා නොවැම්බර් 24 වන දා එළි දැක්වීමට නියමිතව තිබෙනවා.

වැඩි විස්තර සඳහා +94 11 268 6264 යන දුරකථන අංකයත් පහත දක්වා තිබෙන විද්‍යුත් ලිපිනයත් උපකාර ලබා ගැනීමට යොදාගත හැකියි.
Email : [email protected]

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...