සටහන- නිශ්මං රණසිංහ
නොවැම්බර් 08, කොළඹ LNW:මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සංවර්ධනය පිණිස ලබා දුන් අවස්ථාවට අනුව කෙරෙන ශ්‍රී ලංකා සංචාරයේදී පිට පිටම සිව්වන වතාවටත් ඔවුන්ට ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යෞවනියන් ඉදිරියේ පරාජය භාර ගන්නට සිඳු විය.එන්න එන්නම සිඳුවන පරාජයේ ප්‍රමාණය විශාල වීම මෙහිදීත් සිඳු වුණ අතර එහිදී මැලේසියානු කණ්ඩායමට කඩුලු 9 ක පරාජයක් අත් විය.
ගෙවුණු ඔස්ට්‍රේලියා 19 න් පහළ සංචාරයේදී ලකුණු අතර සිටි ආරම්භක පිතිකාරිණි සංජනා කාවින්දි වෙනුවට මෙවර ඇයගේ සහයිකාව වූ විමෝක්ෂා බාලසූරිය ක්‍රියාත්මක වෙමින් සිටියි.සිව්වන තරගයේදී විමෝක්ෂා නොදැවී රැස් කළ ලකුණු 53 මේ තරගාවලියේදී ඇය රැස් කළ තෙවන අර්ධ ශතකය වන්නේය.


එසේම අසෙනි තලගුණේ මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කැපී පෙණෙනම පන්දු යවන්නිය වී සිටියි.තෙවන තරගයේදී ලකුණු 10 ට කඩුුලු 5 ක් දවා ගත් අසෙනි,සිව්වන තරගයේ දී පන්දු යැවිම නිමා කළේ 04 – 14 – 04 ක් ලෙසය මේ පන්දු වාර හතරට අයත් වූ පන්දු 24 න් පන්දු 17 ක් ම සටහන් වූයේ නිලකුණු පන්දු හැටියටය.
පළමුව පන්දුවට පහර දුන් මැලේසියානු කණ්ඩායම අසෙනි මෙන්ම චමෝදි ප්‍රබෝධා (18/2) සහ ශෂිනි ගිම්හානි (19/2) කළ බලපෑම මත පන්දු ඕවර් 20 නිමාවෙද්දි කඩුලු 9 ක් දැවී ලකුණු 85 ට සීමා විය.පිළිතුරු ඉණිමේදී සුපුරුදු පරිදි සංජනාගේ සහ විමෝක්ෂාගේ ආරම්භය වේගවත් විය.සිව්වන පන්දු වාරයේ අවසාන පන්දුවට සංජනා දැවී යන විට පන්දු 14 න් ලකුණු 14 ක් රැස් කර තිබුණු අතර මුළු ලකුණු සංඛයාව 30 ක් විය.ඉනික්බිති පිටියට පැමිණි නායිකා මනුදි නානායක්කාර වැඩි බර විමෝක්ෂා පිට තබමින් පන්දු 18 ට නොදැවී ලකුණු 18 ක් එක් කළ අතර විමෝක්ෂා සියලු බර දරමින් පන්දු 50 දී ලකුණු 53 ක් නොදැවී ලබා ගත්තේ හතරේ පහර 7 ක් සමඟය.


මේ තරගාවලියේ මැලේසියානු කණ්ඩායමේ වැඩි අවධානයක් දිනා ගන්නා ක්‍රීඩිකාව බවට පත්ව සිටින නුර් දානියා මේ තරගයේදී ද පිත්තෙන් වැඩිම ලකුණු ගණන වූ ලකුණු 22 රැස් කර.පන්දු යැවීමෙන්ද ශ්‍රී ලංකාවේ දැවී ගිය එකම කඩුල්ල හිමි කර ගත්තේ ලකුණු 25 ක් ලබා දෙමින්ය.