සටහන – රුවන් නෙළුගොල්ල
2027 අයවැයෙන් උපයනවිට ගෙවීමේ බද්ද (PAYE Tax / APIT) අයකිරීමේ සීමාව තවදුරටත් ඉහළ දමා වෘත්තිකයින්ට සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“පෞද්ගලික අංශය තමයි අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නේ. අපි පෞද්ගලික ආයතන සහ ඒවාට අදාළ ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලින් අනතුරුව අපි මූලික වැටුප් වැඩි කළා. හැබැයි, මූලික වැටුප වැඩි කළාට එය සේවකයන්ට දැනෙන මට්ටමේ වැඩිවීමක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ගේ අතිරේක දීමනා සම්බන්ධයෙනුත් අපි අවධානය යොමු කළා. ඒ වගේම ඉහළ වැටුප් ලබන අයට වැටුපෙන් අඩු වන බද්ද තමයි PAYE Tax එක. එහි සීමාව රුපියල් ලක්ෂයක සිට ලක්ෂ එකහමාර දක්වා අපි ඉහළ දැම්මා. මේ අයවැය ලේඛනයේදීත් එම සීමාව යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපි අපේක්ෂා කරනවා. ඒ හරහා PAYE බද්ද සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශ ආරක්ෂා කිරීමේ වගකීම අපේ ආණ්ඩුවට තිබෙනවා. අපි ඒ වගකීම භාරගෙන සිටිනවා”
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී පැවති “වසර දෙකයි රටට සුබයි” වෘත්තීය සමිති සමුළුව අමතමිනි.


