ජාතික ජන බලවේගය විසින් දිනාගත් බලය නැවත ලබාදීමක් සිදුනොවන බවත් මේ බලය ආරක්ෂා කරගැනීමටත් වැඩිකරගැනීමටත් අවශ්‍ය බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
“දැන් අපි ඉන්නෙ අලුත් තත්වයක. දැන් ඉන්නෙ දේශපාලන බලය දිනාගන්න ඕනෙ කියන පියවරේ නෙවෙයි. එතන නෙවෙයි අපි ඉන්නෙ. දිනාගත් දේශපාලන බලය ආරක්ෂා කරගන්න ඕනෙ, ඒක එකක්. ඊළඟට දිනාගත් දේශපාලන බලය වැඩිදියුණු කරගන්න ඕනෙ. ඒ දේශපාලන බලය අපි ආරක්ෂා කරගන්න ඕනෙ, ආයෙ දෙන්නෙ නෑ. දෙන්නෑ තමයි. මේ අවුරුදු තුන ගියාට පස්සෙත් අපිම තමයි නැවත බලයට එන්නේ. ඒක අද මේ සභාවෙනුත් තහවුරු කරනවා. දැන් කාගෙන්ද අපට මේ දේශපාලන බලය ආරක්ෂා කරගන්න තියෙන්නෙ ? වැඩකරන පන්තියේ ද්‍රෝහීන්ගෙන්”
කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (07) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති “වසර දෙකයි රටට සුබයි” වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.


