සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් වෙත එරට ජනාධිපති අයිසැක් හර්සොග් විසින් වගකීම පවරා තිබේ.
ඒ අනුව නව රජයක් පිහිටුවීම සඳහා අයිසන්කොට්ට දින 28ක කාලයක් ලබාදී ඇති අතර, අවශ්‍යතාව මත එම කාලය තවත් දින 14කින් දීර්ඝ කර ගැනීමට ද අවස්ථාව හිමිවේ.
ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් 120 දෙනාගෙන් අවම වශයෙන් 61 දෙනෙකුගේ සහාය ලබාගත යුතුය. කෙසේ වෙතත්, නව සභාග රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය දේශපාලන එකඟතාව ගොඩනඟා ගැනීම අයිසන්කොට් හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වී තිබේ.

