කැසිනෝ කිසිදු නියාමනයක් නැතුව දිව්වේ, අපියි ඒක වෙනස් කළේ – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සුරා සහ සුදු සමාගම් අධෛර්යමත් වන මට්ටමේ ඉහළ බදු පැනවීමක් මේ වන විට රජය විසින් සිදුකර ඇති බවත්, කැසිනෝ ශාලාහිමියන් සඳහා බදු සහන ලබාදී ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ පිලිබඳ රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින්,

“සුරා සූදු මේ හැමදේටම ඉහළම බද්ද ගහලා ඉවර වෙලා තමා, අපි මේ සාමාන්‍ය බදු ගෙවන ජනතාව එක්ක බදු ගෙවීම ගැන කතා කරන්නේ. කැසිනෝ ක්‍රීඩාව කිසිදු නියාමනයක් නැතුව දිව්වේ. මේ අවුරුද්දේ ඉඳලා තමා නියාමනය කරන්නේ. හොඳම උදාහරණය තමා ලියාපදිංචිය සඳහා මුලින්ම කෝටි 50ක් ගන්නවා. අවුරුදු 5ක ලියාපදිංචි ගාස්තු විදියට. ඒක ප්‍රථම වතාවට තමා අපි ආරම්භ කළේ. කෝටි 50ක් නැතුව ගේන්න දෙන්නේ නෑ. වාර්ෂික බද්ද මෙච්චර කල් තිබුණේ කෝටි 20ක්. ඒකත් කෝටි 50ක් කරා. එපමණක් නෙමෙයි. එදිනෙදා එකතුවෙන මුදලින් 10%ක් රජයට ගෙවිය යුතුයි. වර්ෂ අවසානයේ ඔවුන්ගේ ලාභයෙන් 40%ක් ගන්නවා. මේ ක්‍රිඩාවෙන් දිනන කෙනෙක් ඉන්නවා නම් ඔහුගෙනුත් අපි 15%ක් ගන්නවා. ඉතාම පැහැදිලිවම කැසිනෝ ශාලාහිමියෙකුගේ ආදායමෙන් 70%කට වැඩි මුදලක් අපි සතු කරගන්නවා.”

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): ලොව පුරා දිව...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...