අරාබි ක්ලැසික් සූරතාවයට ශ්‍රී ලංකාවටත් ඉඩක්…?

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 08,(LNW) කොළඹ :


අරාබි ක්ලැසික් බේස්බෝල් තරගාවලියේ පලස්තීනය සමඟ පැවති තරගයේ දී ශ්‍රී ලංකාව ඉතාමත් තියුණු තරගයක යෙදෙමින් ලකුණු 8=7 ක් ලෙස පලස්තීනය ඉදිරියේ පරාජය ලැබුවා.ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරග සංචාරයේ එක්ව සිටින සචින් විජේ සම්බන්ධයෙන් විස්තර විචාරකයින් පවා ඉතා ඉහළින් කතා කළේ ඔහුගේ විශිෂ්ඨ පන්දු යැවීම (පිචර්) පාදක කරගෙනයි.

ද්විත්ව පුරවැසියෙකු ලෙස කණ්ඩායම සමඟ එක්වීමට මේ තරගාවලියේ නීති රීතිවල ලිහිල්කමත් සමඟ බාධාවක් නැති සචින් පිචර්වරයෙක් ලෙස ඉහළ සේවයක් ලබා දුන්නද,තරගය නරඹද්දී පිටියේ හැසිරීමේදී ද,ඔහු කණ්ඩායම සමඟ එක්ව උද්යෝගයෙන් කටයුතු කරන බවක් දකින්නට නැහැ.ඔහුට එම කණ්ඩායම් හැඟීම අතිශයින් වැදගත් වෙන තරමටම එය ශ්‍රී ලංකාවට ඔහුගේ සුවිශේෂී හැකියාව සමඟ ලැබිය යුතුයි.කණ්ඩායම් ක්‍රීඩාවක හුදෙකලා ජයග්‍රහණ ගැන සිතීම අනුචිත බව ඔහුට කණ්ඩායම් පරිපාලනය අවබෝධ කර දීම වැදගත් වන අතර එය ඔහුගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි බේස්බෝල් ජයග්‍රහණ කෙරෙහි තදින් බලපාන සාධකයක් වනු ඇත.


කෙසේ නමුත් පලස්තීනය අභිබවා යාමට නොහැකි වුව ද,අද දිනයේ පැවති නේපාලයට එරෙහි තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් 10-00 ක් ලෙස ජයග්‍රහණය කරා.ඒ අනුව අර්ධ අවසන් වටයට පිවිසෙන්නට අවස්ථාව ලැබෙන අතර එය ජය ගැනීමෙන් ඉනික්බිති ඔවුන්ට පරාජය කළ හැකි,පරාජය කර ඇති,එහෙත් ඉතිහාසයේ වැඩි වාර ගණනකදී ශ්‍රී ලංකාවට පරාජය අත් කර දුන් පකිස්තාන කණ්ඩායම හමුවෙන්න සිඳුවෙනවා.


එහෙත් අලුත් දවසක අලුත් තරගයක තමන්ගේ දස්කම් ඉතාමත් ඉහළින් විශ්වාසයෙන් දැක්විය හැකිනම් පකිස්තානය අභිබවා යන්නට අපහසුවක් නැහැ.එහෙත් එය ඉතාම තීරණාත්මක සහ අසීරු තරගයක් බව කිව යුතුයි.එවැනි ජයග්‍රහණයක් ලබා ගන්නට හැකියාව ලැබුණොත් නැවතත් පලස්තීනය සමඟ මේ වන විට ලබා ඇති අත්දැකීම් තුළින් කර ඇති කියවා ගැනීම් හරහා ශ්‍රී ලංකාවට අරාබි ක්ලැසික් තරගාවලියේ සූරයින් වන්නට ඉඩ තිබෙනවා.ඒ නිසා ශ්‍රී ලංකාව මේ තරගාවලියේ මඟ හැර යා නොහැකි ඓතිහාසික පියවරකට පා ඔසවා තිබෙන අතර එය ඉදිරියට තබනවාද නැවත තිබුණු තැනම තබනවාද යන්න තීරණය වන්නේ කණ්ඩායමක් තුළ තිබිය යුතු සාමූහික හැඟීම සමඟ ජයග්‍රාහී විශ්වාසය මුසු වුවහොත් පමණයි.


සටහන මුලින් අපි තරග රූප රාමු හරහා සැතපුම් දහස් ගණනක දුර සිට කියවාගන්නා ආකාරය වැරදි විය හැකියි.සමහර විට අපට නොපෙනෙන ආකාරයට සචින් කණ්ඩායම සමඟ ඉතා හොඳ මිත්‍රශීලී සම්බන්ධයක්,සෙස්සන් දිරි ගන්වන,සහෝදර ක්‍රීඩකයින්ට සහයෝගය පළ කරන ක්‍රීඩකයෙක් වන්නත් ඉඩ තිබෙනවා.එහෙත් අප මතු පිටින් කියවා ගැනීමට තුඩු දුන් රූප රාමුවලට වඩා පිටටත් ඇතුළටත් දැනෙන විශාල සහෝදරත්වයක් ප්‍රකාශනය වන්නේනම් සිය දක්ෂතාවයේ උපරිමය ගන්නට ඔහුට මෙන්ම ශ්‍රී ලංකාවට ද හැකියාව තිබෙනවා.


පහතින් දැක්වෙන්නේ පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර තිබුණු කෙස් ගහෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය මඟ හැරුණු තරගයේ රූප රාමුයි.
https://www.youtube.com/watch?v=ma7TFRASpsI
ඡායාරූපයේ සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සචින් විජේ ය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...