සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම යළිත් ඉහළ යමින් පවතින පසුබිමක, ඉරානයේ නවීන අවි ආයුධ ප්‍රවාහනය අඩාල කිරීමේ අරමුණින් නව විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.
ඇමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) විසින් නොවැම්බර් 7 වැනිදා ප්‍රකාශයට පත් කළ මෙම බලකාය ‘Task Force Iron Gate’ ලෙස නම් කර ඇත.

හමුදා සහ සිවිල් නිලධාරීන් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත මෙම කණ්ඩායම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ටැම්පා නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වීමට නියමිතය.
ඉරානයේ ගොඩබිම් දේශසීමා සහ කැස්පියන් මුහුද ඔස්සේ නවීන අවි ආයුධ, ද්විත්ව භාවිත තාක්ෂණික උපකරණ සහ සම්බාධකවලට යටත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
ඇමෙරිකානු හමුදා ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසන්නේ ඉරානයේ වරායන් ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වන නාවික අවහිර කිරීම් තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම නව පියවර හේතු වන බවයි.
කෙසේ වෙතත්, මෙම තීරණයත් සමඟ කලාපයේ යුදමය ගැටුම් තවදුරටත් උත්සන්න වීමේ අවදානමක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙන අතර ඉරානයේ සැපයුම් මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර කිරීම ප්‍රායෝගිකව අසීරු කාර්යයක් බව ද විදෙස් විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

