දෙමාපිය මුදලට යටවීමෙන් විදුහල්පතිවරුන්ගේ බලය පිරිහී ඇතැයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කියයි.

Date:

සටහන -නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW): පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම් ආදියෙන් මුදල් ලබාගෙන සුවපහසු තත්ත්වයට පත්වීම නිසා ඇතැම් විදුහල්පතිවරුන්ට සිය පාසල පාලනය කර ගත නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා පවසයි.

විදුහල්පති කාර්යාලය විධායක නිලධාරීයෙකුගේ කාමරයක් මෙන් ඉතාමත් සුවපහසු තත්ත්වයට පත් කිරීම සඳහා දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීම තුළින් පාසල පාලනය කිරීමට දෙමාපියන් පවා සෘජුව මැදිහත්වීමක් මධ්‍යම පළාත තුළ දැකිය හැකි ඇතැයි ඒ මහතා තවදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 111 වන ශ්‍රේණියට පත් වූ නිලධාරීන් දැනුවත් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අධ්‍යාපන අමාත්‍යංශය වෙන් කරන ප්‍රතිපාදන අනුව විදුහල්පති කාමරය අනර්ඝ තත්ත්වයට පත් කළ නොහැකි නමුත් දෙමාපියන්ගේ ආධාර, පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම් පාසල දියුණු කිරීම සඳහා උපකාර කරන බව කී ලේකම්වරයා මෙසේ ප්‍රකාශ කළේය.

ඇතැම් විදුහල්පතිවරන් විධායක නිලධාරීන්ගේ කාමර තත්ත්වයට සිය කාමර පත් කර ගෙන තිබෙනවා. එවැනි අයට දෙමාපියන්ගේ මුදල් ලබා ගැනිම නිසා ස්වාධීනව ක්‍රියාකරන්න අපහසුයි. දෙමාපියන් නිරන්තරයෙන් මේ නිසා පාසලට මැදිහත්වීම සිදුකරනවා.

නමුත් විදුහල්පතිවරුන් මෙම තත්ත්වයෙන් ඉවත්විය යුතුයි. බල්ලා විසින් නැට්ට වනන තත්ත්වය වෙනුවට නැට්ට විසින් බල්ලා වනන තත්ත්වයක් මතු නොවිය යුතුයි. සන්නිවේදනය, සාමුහික බව, විචක්ෂණශීලී බව සහ නිර්මාණශීලී චින්තනය යන කරුණු පිළිබඳව දැඩි සැලකිල්ලට ගනිමින් පාසල දියුණු කිරීම පිළිබදව මෙම විදුහල්පතිවරුන් අවධානය යොමු කළ යුතුයි.

මෑත කාලයේදී මධ්‍යම පළාතේ අධ්‍යාපනය පවතින්නේ යම් පසුගාමී තත්ත්වයකයි. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මධ්‍යම පළාත පසු වන්නේ 08 වන ස්ථානයේයි. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව මධ්‍යම පළාත 05 වන ස්ථානයේත් උසස් පෙළ ප්‍රතිඵල මත 07 වන ස්ථානයේත් මධ්‍යම පළාත පසු වෙනවා.

මේ වන විට ගුරු පුරප්පාඩු හා විදුහල්පති පුරප්පාඩු රැසක් සම්පූර්ණ කිරීමට රජය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගුරුවරුන් සිය පංති කාමරයේ දරුවන්ට මුදල් අය කරමින් අමතර පංති පැවැත්වීම මධ්‍යම පළාත තුළ තහනම් කොට තිබෙනවා. එවැනි ගුරුවරුන් පිළීබදව විමර්ශන මේ වන විට ක්‍රියාත්මකයි.

එමෙන්ම 2022 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී 2024/25 වර්ෂයේදී උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට පැමිණීම සියයට 80 අනිවාර්යය කොට ඇතැයි ද මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...