තල් වලින්  2023 වර්ෂයේ රු. මි.78ක ආදායමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023  වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ලබා ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය කියයි.

විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩා රටෙහි වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය කියයි. දැනට තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත.

තල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ, මේ නිසා තල් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය කරවීම සඳහා මෙන්ම ඉන් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන්ට විශේෂ පුහුණුවක් ලබා දීම අරඹා ඇති බවයි.

පසුගිය යුද සමයේ උතුරේ තල් ගස් වලින් සියයට 30ක් පමණ විනාශ වූ අතර මේ වනවිට එම ප්‍රමාණයම නැවත වගා කර ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය වසර 4 ඇතුලත අලුතින් තල් ගස් ලක්ෂ දෙකක් රෝපණය කිරීමට පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා , අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

මත්තල තල් සංවර්ධන මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  මහතා  එහි ගිය අතර, එහිදී තල් ආශ්‍රිතව නිෂ්පාදනය කර තිබු උපකරණ මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය ද ප්‍රදර්ශනය කරනු ලැබීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...