ක්‍රිකට් ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී කතානායකවරයා මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කළා – සජිත් (VIDEO)

Date:

ක්‍රිකට් ක්‍රීඩාව එක්තරා කල්ලියකට දූෂිතයන්ට මංකොල්ලකාරයන්ට මැර කණ්ඩායම්වලට කුඩු කණ්ඩායම්වලට අශීලාචාර පුද්ගලයන්ට අයිති දෙයක් නොව එය අයිති ලක්ෂ 220ක් වූ ජනතාවට බවත් අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් දුෂිත හොර කල්ලි පලවා හැරීමේ ක්‍රියාවලිය ස්ථිර වූ බවත් ඒ අවස්ථාවේ ලොකු අඩුපාඩුවක් සිදු වූ බවත් එහි දී කතානායකවරයා විසින් 225ම සිය නමින් යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්‍රකාශ කරන්න අයිතිය ලබා නොදුන් බවත් එයට හේතුව යම්කිසි අදිසි හස්තයක් කතානායකවරයාට බලපෑම් එල්ල කල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එය වැරදි ක්‍රියාවක් බවත් කතානායකවරයා විසින්ම මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් තමා කණගාටුවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නම් වශයෙන් ඡන්ද ප්‍රකාශ කළා නම් එම නම් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතන වෙත යැවිමට හැකි වූ බවත් ය. එසේම කතානායකවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කම්පාවට සහ කණගාටුවට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (09) සවස පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසිම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී යෝජනාව මන්ත්‍රීවරුන්ගෙන් වෙන් වෙන්ව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වී තිබිණි.

දැන්වත් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත්ව යා යුතු බවත් කතානායකවරයාගේ හැසිරීම හා ක්‍රියාකලාපය රටේ ක්‍රියාත්මක වන ආඥාදායක ඒකාධිපති දේශපාලන සංස්කෘතියේ තවත් පුරුකක් ලෙස හැදින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එසේම ජනතා විමුක්ති පෙරමුණ ඡන්දයෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ මන්ත්‍රීවරුන්ට මෙම යෝජනාව සිදු කරන අවස්ථාවේ දුරකථන ඇමතුම් පවා ඇවිත් බලපෑම් එල්ල වූ බවත් එවැනි තර්ජන මැද්දේ පවා ඉදිරි පෙල මන්ත්‍රීවරු පවා එම යෝජනාවට එකඟ වූ බවත් තමා 225 වෙනුවෙන් කතා කලත් ඒ සදහා ඇතැම් මන්ත්‍රීවරුන් මෙම ඡන්ද ප්‍රකාශය සදහා සහභාගී නොවීම සම්බන්ධයෙන් ජනතාව තීන්දු තීරණ ගනු ඇති බවත් පැවසීය.

එසේම නිවැරදි ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් සතු කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් උපයෝගී කර ගෙන බිම්මටමේ සිට දක්ෂයන්ට ශූරයන්ට ඉදිරියට යන්න හැකි මාර්ගය සකස් කල යුතු බවත් එහි පරිපාලනය ක්‍රිකට් සම්බන්ධයෙන් දැනුමක් සහිත පුද්ගලයන්ට ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...