සිවිල් වැසියන්ට පලායාමට උතුරු ගාසා තීරයේ දිනපතා පැය හතරක යුද විරාමයක්!

Date:

කොළඹ LNW: සාමාන්‍ය වැසියන්ට පලා යාමට ඉඩ සැලසීම සඳහා ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ ප්‍රදේශවල සෑම දිනකම පැය හතරක හමුදා විරාමයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව ඇමරිකාව පවසයි.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ එය “නිවැරදි පියවරක්” බවයි.

එය භුමියට ආධාර ලබාදීමටද අවස්ථාවක් වනු ඇති බවයි ජනාධිපති බයිඩන් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් මිට පෙර ඊශ්‍රායලය පවසා තිබුණේ හමාස් සංවිධානයට ශක්තිමත් වීම සඳහා වන සටන් විරාම ක්‍රියාත්මක නොකරන බවයි.

මේ අතර ගාසා තීරයේ ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබෙන අතර ඒ වයෝවෘද්ධ කාන්තාවකගේ සහ පිරිමි ළමයෙකුගේ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ගාසා නගරයේ ප්‍රධාන රෝහල් දෙකක් වටා දැඩි සටන් වාර්තා වී ඇති අතර ඊශ්‍රායලය පවසා ඇත්තේ පරිදි එම ප්‍රදේශය තුළ හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් දැඩි කරන බවයි.

පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඇවිලුණ යුද්ධය නිසා මේ වන විට ගාසා තීරයේ 10,800 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර,ඊට ළමුන් 4,400 කට වැඩි සංඛ්‍යාවක් ද ඇතුළත් බවයි දැක්වෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...