රටම NMRA ගැන හොයන අතරේ, ඖෂධ සංස්ථාව ලහි ලහියේ බොරදියේ මාළු බාන බව රවී කුමුදේශ් කියයි!

Date:

රටම NMRA ගැන හොයන අතරේ, ඖෂධ සංස්ථාව ලහි ලහියේ බොරදියේ මාළු බාන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා රවී කුමුදේශ් මහතා කියා සිටී.

ඒ පිළිබඳ මෙසේද පවසා සිටී.

රසායනාගාර සේවා සාමාන්‍යාධිකාරි තනතුරට ගණකාධිකාරීව පත් කරලා, අමුතුම ජාවාරමකට අර අදිමින් සිටිනවා.

රසායනාගාර සේවා වෙනුවෙන් ප්‍රාමාණික දැනුවත් බවක් ඇති වෘත්තීයවේදීන් ඕනෑ තරම් සිටියදි , ඖෂධ සංස්ථාවේ රසායනාගාර සහ තාක්ෂණික සේවා සාමාන්‍යාධිකාරි තනතුර සඳහා ඒ පිළිඳව කිසිදු දැණුමක් නැති අයෙකු පත් කිරීම ඖෂධ සංස්ථාව හදිසියේම කටයුතු කර ඇත.

ඖෂධ නීතිගත සංස්ථාව විසින් මුළ්‍ය පාළණය සදහා සුදුසුකම් ලැබූ නිළධාරියෙකුගෙන්, රසායනාගාර සහ තාක්ෂණික සේවා සඳහා උපදෙස් ගෙන පිටපාරේ තීරණ ගැනීමට උත්සාහ ගනිමින් සිටිනුයේ,
වැරදි තාක්ෂණ ඇගයුම් කමිටුවක නිර්දේශ හේතුවෙන් හොර ඉමියුනෝග්ලොබියුලින් ගණු දෙණුවේ අගමුල සොයා ගැනීමට පවා නොහැකිව තිබෙන මොහොතකය.

මෙහි ඇති වඩාත්ම උභතෝකෝටික ගැටළුව වන්නේ ඖෂධ සංස්ථාව විසින් මෙම පත්කිරීම සඳහා එම ආයතනයේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුල්‍ය තනතුරේ රාජකාරී කල නිළධාරිණියව ස්ථානමාරු කිරීමයි. මුල්‍ය පාළණය සඳහා සුදුසුකම් ලැබු නිළධාරිනියක් රසායනාගාර සේවා සඳහා යොදවමින්, මුල්‍ය අංශය සඳහා ඊට නුසුදුසු අයෙකු පත් කිරීම හරහා අවිධිමත් සහ අක්‍රමික ගණුදෙණු සඳහා පාර කපා ගැනීමට ඖෂධ සංස්ථාවේ කිසියම් අදිසි හස්තයක් විසින් උපායමාර්ගිකව කටයුතු කරමින් සිටින බව ඉතා පැහැදිළිය.

ඒ නිසාම, සියල්ල නිවැරදි කිරීම සඳහා පත්වූ නව සෞඛ්‍ය අමාත්‍ය වරයාගේ අනුමැතිය මෙවැනි තීරණ සඳහා ලබාගෙන තිබෙන්නේද යන්න පිළිබඳව අප ඉතා සැලකිල්ලෙන් බලා සිටිමු. ඖෂධ සංස්ථාවේ සභාපති තනතුර මෑත කාලයේ වෙනස් කලද, ඊට පහලින් සිටින ජාවාරම්කාර නිළධාරීන්ගේ ක්‍රියාකලාපය පාලනය කිරීම වෙනුවට, සභාපතිවරයා තවදුරටත් ඔවුනගේ රූකඩයක් සේ කටයුතු කරන්නේනම් ඒ පිළිබඳවද සෞඛ්‍ය ඇමතිවරයාගේ අවධානය යොමු විය යුතුය.

නව සෞඛ්‍ය ඇමතිගේ හොරකමට වැට බඳින අලුත්ම ක්‍රමය

ඖෂධ නියාමන අධිකාරියෙන් ඉවත් කල ප්‍රධාන විධායක නිළධාරී විජිත් ගුණසේකරට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උසස් විමක්

වෛද්‍ය පර්යේෂණ ආයතනය දූෂණ වලින් තොරව පාළණය කල, එහි අධ්‍යක්ෂකගේ සේවය පහත දැමීමක් හෝ ස්ථාන මාරුවක්.

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන ව්ධායක නිලධාරී විජිත් ගුණසේකර මහතා අද සිට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ බාර ගනී.

රවි කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් සම්බන්ධයෙන් කිසිදු ගිවිසුමක් නොමැත; ප්‍රහාර අඛණ්ඩව’ – ඉරාන විදේශ ඇමති

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මිට සුළු මොහොතකට...

“පරිසර පොළ” ඇමති නලින්දගේ නිරීක්ෂණයට!

රෂිකා හෙන්නායක ජූනි 24, කොළඹ LNW : කළුතර වස්කඩුව, වාඩියවත්ත...

කඩාවැටෙන කොටස් වෙළඳපොලේ විදේශීය මිලදී ගැනීම් වාර්තාගත ලෙස ඉහළට !

කොළඹ කොටස් වෙළඳපොල පසුගිය ජුනි 12 වනදා සිටම ක්‍රමිකව...