*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව තුළ අපයෝජනයට අදාළව සමාජභාවී ඇතුළත්භාවයෙන් යුතු නීතියක් ස්ථාපිත වීමේ අවශ්‍යතාව

නීතිවිශාරදයන්ගේ ජාත්‍යන්තර කොමිසමේ (International Commission of Jurists) ශ්‍රී ලංකා ජාතික නීති උපදේශිකා මතුරි තමිල්මරන්ගේ අදහස් ඉදිරිපත් කිරීමකි.

ගෝලීය වශයෙන් සමාජභාවී සමානාත්මතාවයේ සහ යුක්තියේ භාවිතය කේන්ද්‍රගත වන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වය දුරලීම සඳහා ය. මෙම ප්‍රතිචාරය බොහෝ විට ප්‍රචණ්ඩත්වයෙන් කාන්තාවන් සහ ගැහැණු දරුවන් ඵලදායී ලෙස ආරක්ෂා කර ගැනීම සහතික කිරීම නම් වූ දෘෂ්ඨිකෝණය මත ස්ථාපිත වී ඇත.  මෙකී සන්දර්භය තුළ, පිරිමින්, පිරිමි දරුවන්, සංක්‍රාන්ති සමාජභාවී (transgender) සහ ද්විත්ව-නොවන (non-binary) සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය නිතර මඟ හැර ගොස් තිබේ.

මීට අදාළව ශ්‍රී ලංකාව ද බැහැරකළ නොහැකිය. පිරිමින්, පිරිමි දරුවන්, සංක්‍රාන්ති සමාජභාවී සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ගෝලීය වශයෙන් ගොඩනැඟෙන අවධානය ඉහළ යමින් පැවතිය ද, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ මෙම අර්බුදය තවමත් නිසි පරිදි ආමන්ත්‍රණය කොට නොමැති අතර, මෙමඟින් දිවි ගලවා ගත් අයට හිමිවිය යුතු ආරක්ෂාව සහ යුක්තිය මඟ හැරී ගොස් ඇති අතර, ශ්‍රී ලංකාව බැඳී පවතින ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ ඔවුනට හිමිවිය යුතු ආරක්ෂාව සහ යුක්තිය ද ඇහිරී ගොස් ති‌බේ.

මේ අනුව, පිරිමින්, පිරිමි දරුවන්, සංක්‍රාන්ති සමාජභාවී සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන් අපයෝජනයට ලක්වීම, ශ්‍රී ලංකාව විසින් දිගටම තම ගැඹුරු සංස්කෘතික මූලයන්ට ලබා දී ඇති ප්‍රමුඛතාවය හමුවේ බොහෝ සෙයින් සැඟවූ යතාර්ථයක් බවට පත්ව තිබීම අරුමයක් නොවේ. මෙම අර්බුදයේ වින්දිතයන්/දිවි ගලවා ගත් අයගෙන් විශාල වශයෙන් එම අර්බුදයට මුහුණ දෙන ජන කොට්ඨාශය වන, සහ බහුතරයක් වන කාන්තාවන් සහ ගැහැණු දරුවන් ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය ද ඇතුළුව, සියලු ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වයන් වාර්තා වීම සීමිත වී පවතින අතරවාරයේ, පිරිමින්, පිරිමි දරුවන්, සංක්‍රාන්ති සමාජභාවී සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ සිදුවීම් වාර්තා වීම වළකා දමන අන්දමේ එදිරිවාදී පරිසරයක් නිර්මාණය කරන සුළු හානිකර සමාජභාවී ඒකාකෘතීන් සහ වෙනස්කොට සැලකීම් ක්‍රියාත්මක වෙමින් පවතී.

ශ්‍රී ලංකාව තුළ පවතින සාම්ප්‍රදායික සමාජභාවී සම්මතයන් සහ හානිකර සමාජභාවී ඒකාකෘතීන් විසින් පිරිමින් ශක්තිමත් සහ පීඩාවට ලක්කළ නොහැකි පුද්ගල කොට්ඨාශයක් විය යුතු බවට මතයක් ගොඩනඟා තිබෙන අතර, එමඟින් ඔවුන් ලිංගික ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් විය හැකි බවට වූ යතාර්ථය ප්‍රතිග්‍රහණය කර ගත නොහැකි මට්ටමට ම පාහේ තත්ත්වය යට ගසා පවතී. මෙහි ප්‍රතිවිපාකයක් ලෙස, ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් පුරුෂ පුද්ගලයෝ බොහෝ විට තමා යම් ආකාරයක ලිංගික හිංසනයක් අත්විඳ ඇති බව පිළිගතහොත් දුර්වල යැයි, හෝ බෙලහීන යැයි පවා හංවඩු ගැසෙනු ඇතැයි බිය වෙති.

ලිංගික ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන්/දිවි ගලවා ගත් අය පිළිබඳව වාර්තා කිරීම සීමා වීම හමුවේ, විශේෂයෙන් ම පුරුෂ අපයෝජනය ඉතා විරල සිදුවීමක් බවට වූ දුර්මතය තවදුරටත් ශක්තිමත්වන අතර, මෙමඟින් නීති සංශෝධනයක් සඳහා වූ හදිසි අවශ්‍යතාවයට ද වැටකඩුළු වැටී තිබේ. කෙසේවෙතත්, මෙවන් වාර්තා වීම් සීමා වී පැවතීම, ශ්‍රී ලංකා බලධාරීන් සහ එල්ටීටීඊ සංවිධානය අතර සිදුවූ සන්නද්ධ අරගලයෙන් පසු හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා අතර සිදුවූයේ යැයි කියන පිරිමින් අපයෝජනයට ලක්වීම සහ සංක්‍රාන්ති සමාජභාවී සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන් අපයෝජනයට ලක්වීම පිළිබඳ උපාඛ්‍යාත වාර්තා (anecdotal reports) සමඟ ගැටේ. පිරිමින් සහ පිරිමි දරුවන් අපයෝජනයට ලක්කරන තැනැත්තන්ගෙන් අති බහුතරයක් වෙනත් පිරිමින් බව පර්යේෂණ මඟින් පෙන්වා දී තිබේ. අපකීර්තිය සහ සමලිංගිකභීතිකාව (homophobia) කෙරේ පවතින බිය, සහ සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා තහනම් කරන අපරාධ නීති යෙදුම හමුවේ, සංක්‍රාන්ති සමාජභාවී සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන්ට එරෙහිව සිදුවන අපයෝජනය සහ අනෙකුත් ආකාරයේ ලිංගික හිංසනයන් වාර්තා කිරීමේ මඳකම යතාර්ථයක් බවට පත්ව ඇති බව වාර්තා වේ. මෙම ‘සංස්ථාපනයකළ’ නිශ්ශබ්දතාවය විසින් අපරාධකරුවන්ට යුක්තිය මඟ හැර යාම සඳහා විෂම චක්‍රයක් නිර්මාණය කර දෙන අතර ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අය අඳුරේ තබා ඇත.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ සඳහන් කර ඇති පරිදි ‘අපයෝජනය’ (ස්ත්‍රී-දූෂණය) (rape) නම් වරද සහ ‘බරපතල ලිංගික අපයෝජනය’ (grave sexual abuse) නම් වරද අතර වෙනසක් පවතින, සහ මෙම දෙවන වරදට අදාළ නීති තුළින් අනෙකුත් සියලු ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්ව ක්‍රියා තහනම් කරන බැවින්, අපයෝජනය නම් වරද කෙරේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. 1995 වර්ෂයේ සංශෝධනය කළ පරිදි, 1883 දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය ඔස්සේ අපයෝජනය සාපරාධීකරණය කරන අතර කාන්තාවකට එරෙහිව පිරිමියකු විසින් සිදුකරනු ලබන සම්මුතිගත නොවන ලිංගික සංසර්ගයක් අපයෝජනය ලෙස නිර්වචනය කරනු ලබයි. 364 වගන්තිය යටතේ, අපයෝජනයට වරදකරුවකු වන තැනැත්තකුට වසර හතකට නොඅඩු වූ ද, වසර විස්සක් නොඉක්මවන වූ ද කාලයකට සිරදඬුවමක් පැමිණවිය හැකි අතර, දඩයක් සහ වින්දිත පාර්ශවයට සිදුවන ලද මනෝවිද්‍යාත්මක හෝ මානසික කම්පනය ද ඇතුළු හානි වෙනුවෙන් වන්දියක් ද ගෙවිය යුතු වේ. 363 වගන්තියේ අපයෝජනයට ලබා දී තිබෙන නිර්වචනය, පිරිමියකු විසින් කාන්තාවකට එරෙහිව සිදුකරන අපයෝජනයට සීමාවීම මත, පිරිමින් සහ පිරිමි දරුවන්, හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතා ඇති බවට හඳුනා ගන්නා පුද්ගලයන්ට එරෙහිව සිදුවන අපයෝජනය සාපරාධීකරණය කිරීමට අසමත්ව තිබේ.

පොදු අවබෝධය වන්නේ, පුරුෂයකු අපයෝජනය වූ අවස්ථාවක දී, හෝ 363 වගන්තියෙන් නිර්වචනය කරන අපයෝජනය යටතට නොගැනෙන වෙනත් සිදුවීමක දී, 1995 වර්ෂයේ දී හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ 365ආ (බරපතල ලිංගික අපයෝජනය) වගන්තිය යොදාගැනෙන බවයි. 365ආ වගන්තිය සමාජභාවයෙන් ස්වාධීනවන අතර, ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා “ලිංගේන්ද්‍රිය හෝ මිනිස් ශරීරයේ වෙනත් යම් කොටසක් හෝ යම් උපකරණයක් හෝ වෙනත් යම් තැනැත්තකුගේ ශරීරයේ පිහිටි යම් විවරයක් තුළ හෝ ඒ වෙනත් තැනැත්තාගේ ශරීරයේ යම් කොටසක් භාවිතා කිරීමෙන් යම් තැනැත්තකු විසින් සිදුකළ ක්‍රියාවක් වරදක් යැයි අර්ත නිරූපණයවන අවස්ථාවල, 363 වගන්තිය යටතේ අපයෝජනයක් සිදුවූයේ යැයි සැලකිල්ලට නොගන්නා අවස්ථාවල,” හා වින්දිත තැනැත්තාට තර්ජනය කොට, බියවද්දා, හෝ වින්දිත තැනැත්තා “පියවි සිහියෙන් නොසිටීම” (of unsound mind) හෝ එම තැනැත්තාට මධ්‍යසාර පොවා (intoxicated) තිබීම මත ලිංගික ක්‍රියාවකට සම්මුතිය පළ නොකර තිබෙන හෝ පළ නොකර තිබෙන්නේ යැයි ‘අනුමාන කෙරෙන’ (presumed) අවස්ථාවක භාවිතා කළ හැකිය. බරපතල ලිංගික අපයෝජන සඳහා ලබා දුන් මූලික දඬුවම අපයෝජනයට සමාන වූ අතර, 2006 වර්ෂයේ දී මෙය වෙනස් කරන ලද අතර, එහි දී අවම සිර දඬුවම වසර පහක් දක්වා (වින්දිතයා වයස අවුරුදු 18 ට අඩු නම් වසර හතක් දක්වා) අඩු කරන ලදී. කෙසේවෙතත්, විෂමරිසි-නොවන (non-heterosexual) අපයෝජනයක් කියාපාන සම්මුතිගත නොවන ක්‍රියාවකට එරෙහිව “බරපතල ලිංගික අපයෝජනය” යටතේ නඩු පවරන සෑම අවස්ථාවකදී ම, සහ එකී වරදට වරදකරුවන්වන තැනැත්තන් හට අවමකළ සිරදඬුවම් නියමවන විට, එම වරද නිසා සිදුවන සැලකිය යුතු හානිය සාවද්‍ය ලෙස වර්ගීකරණය (mischaracterised) වන අතර, එය 363 වගන්තිය යටතේ සැලකෙන අපයෝජනයෙන් වර්ගීකරණයවන වරදට වඩා හානිකර බවින් අඩු යැයි සලකනු ලබයි.

අපයෝජනය, පිරිමියකු විසින් කාන්තාවකට එරෙහිව සම්මුතියකින් තොරව ශිෂ්ණ නිවේශයක් (penile penetration) සිදුකිරීමට සීමා කිරීම, කාන්තාවන් පිරිමින්ට වඩා දුර්වල යැයි, හා ඔවුනට නීතියෙන් ඉහළ ආරක්ෂාවක් අවශ්‍ය යැයි හඟවන ඉහත සඳහන්කළ හානිකර සමාජභාවී ඒකාකෘතීන්වල ප්‍රතිඵලයක් විය හැකි ය; එමෙන්ම, පිරිමින්, පිරිමි දරුවන්, සංක්‍රාන්ති සමාජභාවී සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන් කාන්තාවන් මෙන් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ නොදෙන බවට වූ උපකල්පනය මත ද මෙය සිදුවිය හැකි ය; තව ද, වාර්තාකරණය අවම වීම හේතුවෙන් පිරිමින් සහ පිරිමි දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය ඉතා විරල බවට පුළුල්ව ගොඩනැඟී තිබෙන විශ්වාසය ද මීට හේතු විය හැකි ය.

බොහෝ රාජ්‍යයන් විසින් අපයෝජනය පිළිබඳ විෂය පථය පුළුල් කිරීම මඟින් ඔවුන්ගේ අපයෝජනයට අදාළ අපරාධ නීති වඩාත් ඇතුළත්භාවයකින් යුතු පරිදි යළි සංකල්පනය (reconceptualised) කර ඇත. අපයෝජනය ශිෂ්ණ නිවේශයට සහමුලින්ම සීමා නොවන පරිදි, ඒ වෙනුවට වෙනත් තැනැත්තකුගේ යෝනිමාර්ගය, ගුදමාර්ගය, හෝ මුත්‍රමාර්ගයට එරෙහිව, මුඛය ඇතුළු සිරුරේ ඕනෑම කොටසක් හෝ වෙනත් වස්තුවක් යොදා ගැනීමෙන් සිදුකරනු ලබන සම්මුතිගත නොවන ඕනෑම ලිංගික ක්‍රියාවකට, හෝ යම් තැනැත්තකු විසින් ඉහත කී ක්‍රියාවන් අනෙක් තැනැත්තා ලවා අනෙක් තැනැත්තාට, හෝ තුන්වන තැනැත්තකුට එරෙහිව සිදුකරවීමට පොළඹවන අවස්ථාවකට අදාළවන පරිදි, පකිස්ථානය 2021 වර්ෂයේ දී අපයෝජනය සාපරාධීකරණය කරන නීතිය සංශෝධනය කළේය. මෙය ඉතා පුළුල් නිර්වචනයකි.

ශ්‍රී ලංකාව යනු සියලු ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම්වල පාර්ශවකරුවෙකි. වෙනස්කොට සැලකීම්වලට ලක්නොවී සිටීමේ අයිතිය, සමානාත්මතාවයට සහ නීතියේ සමාන ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය, වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලින් නිදහස් වීමට ඇති අයිතිය, සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව ඵලදායී පිළියමක් සඳහා ඇති අයිතිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය (International Covenant on Civil and Political Rights: ICCPR) යටතේ ආරක්ෂා කර ඇත. පිරිමින් අපයෝජනයට ලක් කිරීම සාපරාධීකරණය කරන මෙන් හා සොදොමි (sodomy) අපරාධය අහෝසි කරන මෙන් මානව හිමිකම් කමිටුව 2017 වර්ෂයේ දී ස්විට්සර්ලන්තයෙන් ඉල්ලා සිටියේ ය. පිරිමින් අපයෝජනයට ලක්වීම නම් වරදේ පවතින බරපතලභාවය හේතුවෙන් අපයෝජනයට ලබා දෙන නිර්වචනය පුළුල් කොට ඊට පිරිමින් අපයෝජනයට ලක්වීම ද ඇතුළත් කරන මෙන් එම කමිටුව විසින් මීට ඉහත අවස්ථාවක ජපානයෙන් ඉල්ලා තිබිණි. වධහිංසාවට එරෙහි කමිටුව සිය අංක 02 දරණ පොදු විවරණ (General Comment No.2) යටතේ, කාන්තාවන් සමඟ පිරිමින් ද, වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුතියේ (Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment) සඳහන් සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බව හඳුනාගත් අතර, මීට අපයෝජනය හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයේ හා අපයෝජනයේ අනෙකුත් මාදිලීන් අයත්වන අතර, මෙවන් ප්‍රචණ්ඩත්වයන් සැබෑවටම හෝ වටහා ගැනීමේ ධාරිතාව මත සමාජීය වශයෙන් පරිකල්පිත සමාජභාවී භූමිකා කෙරේ මිනිසුන්ගේ පවතින නොගැළපීම මත පදනම්ව සිදුවිය හැකි බව ප්‍රකාශ කළේය. මෙවන් සිදුවීම්වලට අදාළව පෞද්ගලික පාර්ශවයන්ගේ කල්ක්‍රියාව වැළැක්වීම, නැවැත්වීම හෝ ඒවාට සම්බාධක පැනවීමට, හෝ වින්දිතයන්ට වන්දි ලබා දීම සඳහා නිසි සැලකිල්ලක් දැක්වීමට රාජ්‍යයන් අපොහොසත් වුවහොත් රාජ්‍යයන් ඊට වගකිව යුතු බව කමිටුව වැඩිදුරටත් සඳහන් කළේය.

ඉහත කී කරුණු සැලකිල්ලට ගත් විට, අපයෝජන ක්‍රියා සාපරාධීකරණය කිරීම තුළ නීතියේ සමාන ආරක්ෂාව ලබා නොදෙන වෙනස්කොට සැලකීම් සහිත නීති රාමුවක් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය කෙරේ පවතින උද්‍යෝගිමත් බැඳීම් හා නොගැළපේ. අපයෝජනය අතිප්‍රමුඛ අන්දමින් කාන්තාවන් හා ගැහැණු දරුවන්ට බලපාන බව පිළිගන්නා අතරවාරයේ, අපයෝජනය පිළිබඳ හානිකර ඒකාකෘතීන් පවතින බැවින් වෙනස්කොට සැලකීම් සිදු නොකිරීමේ පදනම මත වඩාත් සමාජභාවී ඇතුළත්භාවයෙන් යුතුව කටයුතු කළ යුතුව ඇති බව, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, ඊට අදාළ හේතූන් සහ ප්‍රතිවිපාකවලට අදාළ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු (Special Rapporteur) විසින් 2021 වර්ෂයේ නිකුත්කළ ආදර්ශ අපයෝජන නීති පිටපතක (model rape law) දැක්වෙයි. “අපයෝජනයට අදාළ අපරාධ විධිවිධාන, පිරිමින්, පිරිමි දරුවන් සහ සමාජභාවී විවිධත්වයෙන් යුතු පුද්ගලයන් ද ඇතුළුව, සියලු පුද්ගලයන් ආවරණය කර ආරක්ෂා කළ යුතු අතර, කිසිඳු වෙනස්කොට සැලකීමක් සිදුනොකළ යුතු” බව ඇය සඳහන් කළාය. එකී ආදර්ශ අපයෝජන නීති පිටපත, වින්දිතයා සහ චූදිතයා යන දෙපාර්ශවයට ම අදාළවන පරිදි සමාජභාවී ඇතුළත්භාවයෙන් යුක්ත වේ.

ශ්‍රී ලංකාවේ පිරිමින්, පිරිමි දරුවන්, සංක්‍රාන්ති සමාජභාවී සහ ද්විත්ව-නොවන සමාජභාවී අනන්‍යතා ඇති පුද්ගලයන්ට සිදුවන අපයෝජනයන්ට එරෙහිව ලබා දිය යුතු නීතිමය ආරක්ෂාවේ පවතින දුර්වලතා ආමන්ත්‍රණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති වෙනස්කම් අවශ්‍ය වේ. වින්දිතයා හෝ චූදිතයාගේ සමාජභාවය කුමක් වූව ද, සියලු ආකාරයේ සම්මුතිගත නොවන ලිංගික ක්‍රියා ආමන්ත්‍රණය වන අන්දමින් අපයෝජනය සඳහා වර්තමානයේ ලබා දී තිබෙන නිර්වචනය සංශෝධනය වීම මීට අයත් වේ. අපයෝජනයට සමාජභාවී ඇතුළත්භාවයෙන් යුතු නිර්වචනයන් ඇතුළත්වන පරිදි පවතින නීතිය සංශෝධනය කිරීම සහ එය ක්‍රියාත්මක කිරීමේදී ඇතුළත්භාවයෙන් සහ අන්තර්සහසම්බන්ධතාවයෙන් යුතු ප්‍රවේශයක් ඊට ලබා දීම මඟින් වර්තමානයේ පවතින අඩුපාඩු නිවැරදි කරගනිමින් දිගු ගමනක් යාමට ඉඩ ප්‍රස්තාව සලසා දෙනු ඇත. මීට අමතරව, අපයෝජන සිදුවීම් හමුවේ නීතිය බලාත්මක කරන පුද්ගලයන්, නීති වෘත්තිකයන් සහ සෞඛ්‍ය සේවා සපයන පුද්ගලයන් සංවේදීතාවයෙන් සහ නිපුණතාවයෙන් යුතුව කටයුතු කිරීම සහතික කිරීම සඳහා, ඔවුනට විශේෂිත පුහුණුවක් අත්‍යාවශ්‍යවනු ඇත. තව ද, පුද්ගලයකුගේ සමාජභාවය කුමක් වූව ද, අපයෝජනයෙන් දිවි ගලවා ගත් තැනැත්තන් හට ප්‍රවේශ වීම සඳහා උපකාරක දුරකථන අංක සහ උපදේශන ඇතුළු ආධාරක පද්ධති ස්ථාපිතකළ යුතු ය. මෙය ඉහළ සමාජභාවී සමානාත්මතාවයක් සාක්ෂාත් කර ගැනීම සහ මීට අදාළව ජාත්‍යන්තර මානව හිමිකම් නීති කෙරේ ශ්‍රී ලංකාවේ පවතින බැඳීම් ඉටු කිරීම සඳහා යම් දුරකට ඉවහල් වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan