ජන්දයක් තිබුණට රට සාමකාමීයි – විදෙස් මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් තහවුරුවක්!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයත් ඉතා සාමාකාමී බව නිරීක්ෂණය වී තිබෙන බව පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටින ඇන්ෆ්රෙල් පදනමේ විධායක අධ්‍යක්ෂ බ්‍රිසා රෝසේල්ස් මහත්මිය පැවසුවාය.

එම සංවිධානය පුරවැසි නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස කටයුතු කරන අතර රටවල් 18ක් සාමාජිකත්වය දරන බවයි ඇය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සාමාජික රටවල් 16කින් නිරීක්ෂකයින් 30ක් එම නිරීක්ෂණ කටයුතුවල යෙදෙමින් සිටින අතර පසුගිය ඔක්තෝම්බර් 30 සිට ඔවුන් සිය පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු වල යෙදෙමින් සිටින බව ඇය කියා සිටියාය.

රටේ සියලුම ජන ප්‍රජාවන් නියෝජනය වන ලෙස ඔවුන් ජනතාව සමඟ සාකච්ජා කළ අතර මැතිවරණයේ තීරණාත්මක බව සම්බන්ධයෙන් අවධානය යොමුකළ බවයි ඇය පැවසුවේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අවම වී තිබෙන බවත් අනාගතය වෙනුවෙන් නව නායකත්වයක් යටතේ හොද දිශානතියක් කරා යමින් තිබෙන බව පෙනෙන්නට ඇති බවත් ඇය සඳහන් කරන ලදී.

මෙම මැතිවරණ නිරීක්ෂකයින් අද (11) මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමු වී පූර්ව මැතිවරණ නිරීක්ෂණ ගැන සකාච්ජා කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...