අයිස්ලන්තයෙ ගිනිකඳු පිපිරීමේ අවදානමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අයිස්ලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ගිනිකඳු පිපිරීමක් සිදුවන බවට අනාවරණය වී ඇති බැවිණි.

එරට බලධාරීන් නියෝග කර ඇත්තේ, නිරිතදිග Grindavík නගරයේ වෙසෙන දහස් ගණනකට පූර්වාරක්ෂාව ලෙස ඉවත් වන ලෙසයි.

magma (ලාවා) විශාල ප්‍රමාණයක් Fagradalsfjall ගිනි කන්ද මතුපිට පැතිරී ඇති අතර එහි පිපිරීමක් සිදුවිය හැකි බව අයිස්ලන්ත කාලගුණ කාර්යාලය (IMO) පවසන අතර , Fagradalsfjall ගිනිකන්ද අවට භූ කම්පන විශාල වශයෙන් මෑත සති කිහිපය තුළ වාර්තා වී ඇත.

2021දී Fagradalsfjall ගිනිකන්ද පුපුරා යාමට පෙර වසර 800ක් පමණ අක්‍රියව පැවති බවට සඳහන් වන , බ්‍රහස්පතින්දා, ප්‍රදේශයේ වැඩි වූ භූ කම්පන ක්‍රියාකාරකම් හේතුවෙන් අසල පිහිටි නිල් කලපු සන්ධිස්ථානයද වසා දමා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...