Thursday, December 7, 2023
spot_img

Latest Posts

මිරිස් තොගයක ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගු බවට හෙළිදරව්වක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය පවසන ආකාරයට , මිරිස් කන්ටේනර් 25 ක් ඒ අතර වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

තවදුරටත් වාර්තා වන්නේ, මෙරට ව්‍යාපාරිකයින් පිරිසක් එම මිරිස් ආනයනය කර තිබූ බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහාර පාලන ඒකකය විසින්, ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වාදී ඇත. ඒ අනුව මෙම අංකයට 0112 112 718 ඇමතිය හැකිය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.