අල්ලස් දැලේ පැටලුණ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු තිදෙනාට කොටුව මහේස්ත්‍රාත් දුන් නියෝගය!

Date:

කොළඹ LNW:අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ ඇතුළු තිදෙනා එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (10) සන්ධ්‍යාවේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහටහව ඔහුගේ කාර්යාලයේදීත් අනෙක් දෙදෙනා සුපිරි වෙළෙඳසලක් තුළදීත් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, ව්‍යාපෘතියක් සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් අල්ලස් වශයෙන් ලබාගැනීමට යාමේදී ය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සබරගමු පළාත්සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ද සිටින බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...