නවසීලන්තය දක්ෂයි තමයි ඒත් දිනන්න තිබුණු තරගාවලියක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 12, (LNW) කොළඹ:විස්සයි විස්ස සහ එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කණ්ඩායමට ඉන්දියාවේ ටෙස්ට් තරගාවලිය දිනූ ක්‍රීඩකයින් ඇතුළත්ව නැහැ.පෙණුම අලුත්.ඒත් රටක් එරට නියෝජනය කරන්න තෝරා ගනු ලබන්නේ ඊට සුදුසු දක්ෂතාවය සහිත කණ්ඩායමක්.ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයේදී නසීලන්ත ක්‍රීඩකයින් ඒ බව ඔප්පු කර පෙන් වූවා.

එහෙත් ශ්‍රී ලංකාව සතුව එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට හැකි කණ්ඩායමක් සිටිය බවත්,ලකුණු 108 ගැන පමණට වඩා සැහැල්ලුවට ගැනීමෙන් පීඩනයක් ඇති කර ගැනීමට සහ පීඩනය නැවත පරාජයක් බවට හැරවීම දක්වා වෙනස් වීමට බල පෑ බවත් තේරුම් ගැනීම වැදගත්.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් නවසීලන්තය ලකුණු 108 ට සීමා කරනු ලැබුවා.එහිදී කලෙකට පසුව කඩුලු අතරට පැමිණි වනිදු හසරංග ලකුණු 17 ට කඩුලු 4 ක් දවා ගනිමින් කැපී පෙණුනා.මතීශ පතිරණ කඩුලු 3 ක් දවා ගත්තා.වනිඳු පළමු තරගයේ අවශ්‍යයම මොහොතක පිත්තෙන් ද චරිත් අසලංක සමඟ ගොඩ නැඟූ සම්බන්ධතාවයද වැදගත්.ඒ පිතිකරණය ද සැළකිල්ලට ගෙන ජය පරාජයෙන් තොරව නිමා වූ තරගාවලියේ විරයා වන්නට වනිඳුට හැකි වුණා.


පිළිතුරු ඉණිම පහසුයි.ඒ ලකුණු ප්‍රමාණය ඇති කරන්නේ එවැනි හැඟීමක්.එහෙත් පළමු තරගයට නොසිටි ලුකී ෆර්ගියුෂන්ගේ පන්දු යැවීම තරගය වෙනස් කළා.දග පන්දු යවන්නන් සඳහා උචිත තණතීරුවේ ෆර්ගියුෂන් දඩයමේ පෙර ගමන්කරුවා වූවා.දඟ පන්දුව රඟ දක්වන්න සුදුසු බිමේ අන්තිම කොටසේ රංගනය ග්ලේන් පිලිප්ස් පවරා ගත්තා.ෆර්ගියුෂන් ලකුණු 7 ට කඩුලු 3 ක් දවා ගනිද්දී,පිලිප්ස් ලකුණු 6 ට කඩුලු 3 ක් දවා ගත්තා.එහෙත් විනාශයේ ආරම්භය සටහන් කළ ෆර්ගියුෂන් තරගයේ වීරයා හැටියට සම්මානයට පාත්‍ර වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එකින් එක කඩුලු වැටෙද්දී එක අන්තයක් රැක ගනිමින් අංක එක පිතිකරු ලෙස පැමිණ අටවන කඩුල්ල ලෙස දැවී යන තෙක්ම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන ඒම සඳහා පැතුම් නිශ්ශංක විශාල උත්සාහයක් ගත්තා.තරගයේ පන්දු යවන්නන් විසින් ආධිපත්‍ය දරද්දී ඊට එරෙහිව පිතිකරුවෙක් ලෙස සාර්ථක වුණු එකම පිතිකරු බවට පත් වූ පැතුම් ලකුණු 51 ක් රැස් කර ගත්තා.
තරග ගණනාවකදිම පිතිකරුවෙක් ලෙස සාර්ථක වෙන්නට අසමත් වූ භානුක රාජපක්ෂ මේ තරගයේදීත් අසාර්ථක වුණා.ශ්‍රී ලංකාවේ පැතුම් හැරෙන්නට සියලු පිතිකරුවන් අසාර්ථක වූ මේ තරගයේදී භානුක පමණක් ඉලක්ක කර අසාර්ථක බව කීම සුදුසු නැහැ.එහෙත් භානුකගේ අසාර්ථක දායකත්වය මේ තරගයට පමණක් සිමා වූයේ නැහැ.තේරුම් ගත යුත්තේ එයයි.

දෙවන තරගයේදී දඹුල්ල තණතීරුව විස්සයි විස්ස තරගයක දකින්නට ආසා ලකුණු ගිණිකෙළි වෙනුවට ක්‍රියා කළේ හිස නමාගෙන පන්දු යවන්නාට ගරු සරු කර හැසිරිය යුතු තත්ත්වයකයි. විස්සයි විස්ස තරගවලදී මේ තත්ත්වය වෙනස් වී පිතිතරුවන්ගේ සංදර්ශන සඳහා හෝ දෙපැත්තටම සමබර වූ ලකුණු තියෙන තරගයක් කරන්නට හැකි තණතීරුවක් ලබා දෙන්නට දඹුලු පාලනාධිකාරය කටයුතු කරන්නේ නම් වැදගත් විය හැකියි.විස්සයි විස්ස තරගයක අනන්‍යතාවය කඩුලු 20 ක් ලකුණු 201 ට දැවීමෙන් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

තරගයේ මුලු හතරේ පහර ප්‍රමාණය 13 ක් වුණා.තරගයට එල් වූ හයේ පහර දෙක නවසීලන්තය වෙනුවෙන් ජොස් ක්ලාක්සන් විසින් එල්ල කළා.මේ විස්සයි විස්ස තරගයක සාමාන්‍ය තත්ත්වය නොවන,උද්වේගකර අනන්‍යතාවය පිළිඹිඹු කරන එකක් නොවන බව පැහැදිළියි.

තරගාවලිය 1-1 ක් ලෙස නිමා වූ නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ අඩු ලකුණු ගණනින් ජය – පරාජය විසදුණු තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකියි.

https://es.pn/3Z0qRAC

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...