ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු කැබිනට් අමාත්‍යවරු 18කට අධිකරණ නියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

‍ පසුගිය දා ආන්දෝලනයකට තුඩු දුන්, ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කර ඇති බව සඳහන් වේ.

එම ඖෂධ ගෙන්විම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් එම කැබිනට් මණ්ඩලයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන ටිරාන් අලස්, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රොශාන් රණසිංහ, නිමල් සිරිපාල ඇතුළු එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ 18⁣දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දන්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන  ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි බව සඳහන් වේ.

ඒ අනුව එයට අවසර දෙමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...