පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් පණිවුඩයක්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ (LNW):

අද (12) දිනයේ , දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

වැඩිදුර අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා,

"මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක් පිහිටුවලා තියෙනවා. මේ කාල සීමාව ආවරණය වන පරිදි අපි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවනවා මැතිවරණය පැවැත්වෙන දිනයට හා පසු දිනයට හා අවශ්‍ය වුණොත් ඊට පසුවත්. පොලිස් නිලධාරීන් 64,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවනවා. ඒ වගේම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් රාජකාරියේ යොදවන්න සුදානම් කරලා තියෙනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 දෙනෙක් මැතිවරණය සඳහා ඍජුවම සම්බන්ධ වෙනවා. පොලිස් නිලධාරීන් පොරොත්තු සේවා නිලධාරීනුත් එක්ක 70,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණය හා සම්බන්ධ වෙනවා. මීට අමතරව පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීම නිසාවෙන් හිස්වන මරමස්ථාන ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් නිලධාරීන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් යොදා ගන්නවා. ඒ වගේම යම් අවශ්‍යතාවයක් වුණොත් යුද හමුදා නිලධාරී පොරොත්තු සේවයේ රැඳිලා ඉන්නවා."

නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලීමක් කරනවා ” ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...