ඇරබ් ක්ලැසික් සූරතාවය පකිස්තානයට – ලංකාවෙනුත් හොද දස්කම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 12,(LNW) කොළඹ :

බේස්බෝල් යුනයිටඩ් ආසියානුකරයේ වඩාත් තරගකාරී බේස්බෝල් සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් කරන විශාල වැඩ කොටසට අදාළව පැවත්වූ ඇරබ් ක්ලාසික් බේස්බෝල් තරගාවලියේ සූරතාවය දිනා ගන්නට පකිස්තානයට හැකි වුණා.ඩුබායි කේන්ද්‍ර කර ගනිමින් පැවති තරගාවලියේ අනු සූරයන් වන්නට සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් වුණා.


ශ්‍රී ලංකාව මේ තරගාවලියේ කැපී පෙණෙන කණ්ඩායමක් හැටියට අවධානය දිනා ගත්තා.ඔවුන් සූරතාවය ලද පකිස්තානයට සහ පලස්තිනයට පරාජයට පත් වුණත් ඒ ඉතාම සටන්කාමී කරගවලට පසුවයි.පලස්තීනය ඉදිරියේ 8-7 ක් සහ පකිස්තානය ඉදිරියේ 3-0 ක් ලෙස පරාජයට පත් වුණ ශ්‍රී ලංකාව එම කණ්ඩායම් දෙකටම වැඩියෙන්ම තර්ජනය එල්ල කළ කණ්ඩායම බවට පත් වුණා.


අවසාන තරගයේදී පකිස්තානය 12 – 1 ක් ලෙස එක්සත් අරාබි කණ්ඩායම පරාජයට පත් කළත් ශ්‍රී ලංකාව අවසාන පූර්ව තරගයේ දී පකිස්තානයට ලබා දුන්නේ ලකුණු 3 ක් පමණයි.පකිස්තානය ශ්‍රී ලංකාවට පරාජයට පත් වී තිබුණත්,සාමාන්‍යයෙන් වැඩි අවස්ථා ගණනාවකදී දෙරට හමු වූ අවස්ථාවලදී ජයග්‍රහණය කර තිබෙන්නේ පකිස්තාන කණ්ඩායමයි.


මේ දෙරටම ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට මෙන්ම එක්සත් එමීර් ක්‍රීඩකයන්ටත් ලෝකයේ ඉහළ මට්ටමේ බේස්බෝල් ක්‍රීඩාවේ අත්දැකීම් වැඩියි.පලස්තීනයේ ඇතැම් රටේ පවතින වාතාවරණය මත ඇමෙරිකානු පුහුණුවෙන් පෝෂණය වන අය වගේම ජන්මයෙන්ම පලස්තීන ජාතිකයන් නොවන ක්‍රීඩකයන් ද අය ද එරටට සමිබන්ධ වී සිටිනවා.එක්සත් අරාබි එමීර් රාජ්‍යය බේස්බෝල් ක්‍රීඩාවේදී ද රටේ ජයග්‍රහණ වෙනුවෙන් විදේශීක දක්ෂයන් කැටුව ඔවුන්ට පුරවැසිකම සමඟ එරට නියෝජනය ලබා දෙනවා.
තරගකාරි විදේශ අත්දැකීම්වල වැදගත්කම මේ තරගවට එකතු වූ සචින් විජේ ශ්‍රී ලංකාවට පැහැදිළි කරනු ලැබුවා.පිචර් කෙනෙකු හැටියට කණ්ඩායමට එකතුව සිටි සචින් තරගාවලියේ කැපී පෙණුනම පිචර් කෙනෙකු වශයෙන් දස්කම් දැක් වූවේ ඔහු ඇමෙරිකානු බේස්බෝල ක්‍රීඩාවේ නියැලෙන අයෙකු ලෙසයි.


කසුටෝ නොනාකා පුහුණුකරුවෙකු ලෙස ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට තල්ලු කරන්නට විශාල දායකත්වයක් දුන් අයෙකු ලෙස නැවත එම වගකීමට පැමිණ සුළු කාලයක් තුළ මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව පෙළ ගස්වන්නට කෙටිකාලීනව සාර්ථක වැඩ සැළසුමක් සිඳු කර තිබෙන බව තරගාවලියේ ප්‍රතිපල හරහා පැහැදිළි වෙනවා.එසේම ජාත්‍යන්තර සබඳතා විශාල ප්‍රමාණයක් ඇති අයෙකු ලෙසත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට ඉදිරියේදී ඔහු විසින් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා දෙන්නට විශාල සහයෝගයක් ලපා දෙනු ඇතැයි සිතිය හැකියි.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...