මෑත ඉතිහාසයේ අපේක්ෂිත ආදායම ඉක්මවා උපයා ගත එකම ආණ්ඩුව අපි – ජනපති අයවැය කතාවේදී කියයි

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වසර 68කට පසු අයවැය හිඟයේ අඩුම අගය වාර්තා කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමත් වී තිබෙන අතර එය 2025 අයවැයෙන් වාර්තා වූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) අයවැය කතාවේදී පැවසුවා.

මේ අතර මෑත ඉතිහාසය තුළ අපේක්ෂිත අදායම උපයා ගැනීමට සමත්ව නොමැති අතර වත්මන් ආණ්ඩුව 2025දී 110%ක අපේක්ෂිත ආදායම ඉක්මවා යන අදායමක් උපාය ගැනීමට හැකියව ලද බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

”පසුගිය දෙවසර තුළ සාර්ව ආර්ථිකයේ කැපීපෙනෙන වර්ධනයක් අත්පත්කර ගැනීමට අපගේ රජය සමත් වී තිබෙනවා. 2025 වසරේදී ලබා ගත් 5%ක ආර්ථික වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනිමින් දිට්වා සුළි කුණාටුවේ බලපෑම මධ්‍යයේ වුවද 2026 පළමු කාර්තුවේදී 5.1%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තා.

දෙවන කාර්තුවේදී මැදපෙරදිග කාලයේ යුදමය වාතාවරණය මැද වුවද 4.2ක වර්ධනයක් ළඟා කරගත්තා. දීර්ඝ කාලයක් පුරා වාර්තා කළ සෘණ ප්‍රාථමික ශේෂය 2025 දී 5.4%ක ඉතිහාසයේ ඉහළතම ධන ශේෂය වාර්තා කළා ප්‍රාථමික ගිණුමේ. 2026 අයවැයට අනුව වසර අවසානයේදී රුපියල් බිලියන 360ක් ලෙස අපේක්ෂිත ධන ප්‍රාථමික ශේෂය සැප්තැම්බර් මාසය අවසන් වන විට එය රුපියල් බිලියන 1844ක ධන ශේෂයක් වාර්තා කළා. 2025 වාසරේදී අයවැය හිඟය 2.3ක් ලෙස වසර 68ක පසු අඩුම අගය වාර්තා කරලා තියෙනවා අයවැය හිඟයේ. ඉතිහාසයේ අවම අගය වූ 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.2ක් වූ රාජ්‍ය ආදායම 2025 වර්ෂයේදී 16.6ක් වූ අතර එය වසර 23කට පසු වාර්තා කළ ඉහළම රාජ්‍ය ආදායම වුණා. එය අපේක්ෂිත අදායම මඟින් 110%ක් වුණා. මෑත ඉතිහාසයේ කවදාවත් අපේක්ෂිත අදායම උපයා ගැනීමට අසමත් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුව 2025දී 110%ක අපේක්ෂිත ආදායම ඉක්මවා යන අදායමක් උපයා ගැනීමට හැකි වෙලා තියෙනවා. 2025 වසරේ ජංගම ගිණුම ඩොලර් මිලියන 1719ක ඉතිහාසයේ ඉහළතම අතිරික්තයක් වාර්තා කිරීමට අපට හැකියාව ලැබුණා.” යනුවෙන් ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී සඳහන් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 අයවැය : මාර්ග සංවර්ධනයට බිලියන 487ක්

දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම...

විදේශ අධ්‍යාපන සහතික ප්‍රශ්න කිරීමත් සමඟ ඉන්දුනීසියානු උප ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉන්දුනීසියානු උප ජනාධිපති,...

මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සහනය වෙනුවෙන් බිලියන 147කට වැඩි මුදලක් වැය කළා – ජනපති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතයට ඉන්ධනවලින් වන...

ජනපති අයවැය කතාව අරඹයි!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...