ශ්‍රී ලංකාවේ නිල සංචිත තවදුරටත් ඉහළට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට නිල සංචිත ප්‍රමාණය 2024 ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.46ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිට් රේටිංස් පවසයි.

2024 සැප්තැම්බර් මාසයේදී මෙරට නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.99 ක්ව තිබූ බව පවසන ෆිට් රේටිංස් ආයතනය ඒ අනුව සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මාසයේදී එය 7.9% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මෙන්ම 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2024 ඔක්තෝබර් මාසයේදී නිල සංචිත 81% ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදී ඇති සහාය මෙසේ නිල සංචිත ඉහළ යාමට බෙහෙවින් බලපා ඇති බවයි ෆිච් රේටිංස් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මෙම නිල සංචිත තුළ චීනයෙන් මෙරටට ලබාදී ඇති විදෙස් මුදල් හුවමාරු පහසුකමක් ද ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...