අපේ කාලයේ වීරයෙක් ගැන කතාවක් ….

Date:

ඔහු කුලේ අයියා නම් විය, ඒ පක්ෂය ඔහුව මට හඳුන්වාදුන් අනවර්ත නාමය විය. ඒ මිස ඔහුගේ සැබෑ නම, වතගොත අදටත් මම නොදනිමි..

1989 වර්ශයේ මට ශිෂ්‍ය අංශයේ වැඩකටයුතු පැවරීතිබුනු දුෂ්කර ප්‍රදේශයේ ප්‍රාදේශීය අංශයේ (දේශපාලන අංශයේ) පූර්ණකාලීකයා ඔහු විය.. ඔහු කෙසඟය, තරමක් කලුය, උසින් අඩි පහමාරක් පමණ විය.. මගේ මතකයේ හැටියට ඔහුට වයස අවුරුදු තිස්පහක් පමණ වන්නට ඇත..

රාත්‍රී කාලවල මාද සහභාගී වූ, දේශපාලන දැනුවත් කිරීමේ කටයුතු සඳහා යෑමේදී ඔහු මට නිතරම මෙසේ උපදෙස් දුන්නේය “මල්ලි ඉස්සහින් යන්න එපා මැදින් එන්න, අපි මැරුණත් මේක දිගටම කරගෙන යන්න ශිෂ්‍ය අංශෙ සගයෝ ඉතිරි වෙන්න ඕන..”

ඔහුගේ එකම හීනය වූයේ සියළු මිනිසුන් යෙහෙන් ජීවත්වෙන උත්කෘෂ්ට ලෝකයකි..

දිනක් රාත්‍රීයේ ඔහු සමඟ දේශපාලන කතාවක පැටලී සිටි අතරවාරයේ ඔහු විවාහක බවත්, කුඩා දියනියක්ද සිටින බවත්, බිරිඳ බිත්තර කුකුළන් පහලවක් විස්සක් ඇතිකරමින් එදිනෙදා වියදම හොයාගන්නා බවක් කීවා ද මට මතකය.. තවත් දවසක කුකුළු කොටුව කුකුලන් ද සමඟින් හමුදාව විසින් ගිනිලෑ බවක් කීවා ද මට යාන්තමට මතකය..

එක්දාස් නමසීය අසූනමයේ නොවැම්බරයේ එක් දිනක හමුදාව විසින් ඔහුද, මාද සිටි ප්‍රදේශයක් වටලෑවේය. එහිදී ඔත්තුකරුවෙක් දුන් ඔත්තුවකින් හමුදා භටයන් ඔහු හඳුනාගත්තේය..

එසැනින් හමුදා භටයෝ ඔහුට පහරදී ඔහු බිම හෙළූහ.

උඹද කුලේ ?? ප්‍රශ්න පිට ප්‍රශ්න නැගුනි..

ඔහු මුවින් නොබැන හැඟීම් විරහිතව අහස දෙස බලා සිටියා පමණි …

ගතවූයේ මොහොතකි, හමුදා භටයන් කඹයක් ගෙන එහි එක් කොනකින් කුලේ අයියාගේ දෑත් කිටිකිටියේ බැඳ දැමූ අතර අනෙත් කොන හමුදා ජීප් රථයක පසුපස ගැටගැසූවේය.. අනතුරුව වහා පන ගැන්වූ ජීප් රථය වේගයෙන් ධාවනය කලේය…

එහිදී ටික දුරක් ජිප් රථය පසුපස දිවගිය කුලේ අය්යා ටික වෙලාවකින් බිම ඇද වැටින, ඉන් පසුව කුලේ අයියාගේ සිරුරේ මස් මහමග වැදී ගැලවී යනසේ කිලෝ මීටර් තිහක පමණ දුරක් ජිප් රථය ධාවනය කර තිබින..

පසුදින මස් ගැලවුන, ඇට බිඳුන, අපේ කාලයේ වීරයාගේ ප්‍රාණය නිරුද්ධ නිසල දේහය මහමග ප්‍රදර්ශනයට දමා තිබී ඇත..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...