ආර්ථිකය ඝාතනය කළ කබ්රාල් පොත් ලියනවා. රට ගොඩගන්න පෙරට ආ තරුණයින්ව අත්අඩංගුවට ගන්නවා

Date:

මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කරන්න මුල් වෙච්ච රාජපක්ෂලා සමග එක්ව රටේ ආර්ථිකය මංකොල්ල කෑ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් “ආර්ථික ඝාතකයින් මැද” කියා පොතක් ලියා ඇති බවත්, අනෙක් පැත්තෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් වෙනුවෙන් පාරට බැහැපු සිරිධම්ම හාමුදුරුවෝ, වසන්ත මුදලිගෙ ඇතුළු පිරිසක් බන්ධනාගාර ගත කර ඇති බවත් මේ අරුම පුදුම තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට ආර්ථික ඝාතනයකට ලක් කරන්න මුල් වෙච්ච ප්‍රධාන පෙළේ කීප දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න නිවාඩ් කබ්රාල් කිසිම ප්‍රශ්නයක් නැතිව තමන් ඇතුළු කල්ලිය කරපු ආර්ථික අපරාධ ගැන පොත් ලියන විට, මෙරට ආර්ථික වශයෙන් බංකොලොත් කරලා, මහා ආර්ථික සාපරාධි ක්‍රියාවක් කරන කල්ලියට එරෙහිව පාරට බැහැපු සිරිධම්ම හාමුදුරුවෝ සහ මුදලිගේ ඇතුළු පිරිස සිරගත කිරීම මොන අසාධාරණයක් දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

හරි නම් හිරේ ඉන්න ඕනේ ආර්ථික ඝාතනය සිදු කරපු කල්ලිය බව කී විපක්ෂ නායකවරයා, නමුත් සිද්ධ වෙලා තියෙන්නේ ආර්ථික ඝාතනයෙන් වලක්වන්න අරගල කරපු කණ්ඩායම හිරගත කිරීම බවත් පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ දොඩම්ගස්ලන්ද ආසනයේ සමගි ජන බලවේග බලමණ්ඩල රැස්වීම අමතමිනි. ඊට විශාල පිරිසක් එක්ව සිටියහ.

රටේ ජනතාව මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මැතිවරණයක් බවත්,එය ලබාගැනීමට සමගි ජන බලවේගය අරගල කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...