Westminster Abbey නත්තලින් වර්ණවත් කරන කේට් කුමරිය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දෙසැම්බර් 6 වන දින වේල්ස‍යේ කුමරිය හෙවත් කේට් කුමරිය සිය වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගය පවත්වනු ලබන බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

එය වෙස්ට්මිනිස්ටර් ඇබේ හි ඇයගේ සිව්වන කැරොල් ප්‍රසංගය වනු ඇත.

ප්‍රසංගය නත්තල් සැඳෑවේ එක්සත් රාජධානියේ විකාශනය වනු ඇති බව, විදෙස් වාර්තා සඳහන් කරයි.

කේට් කුමරිය 2021 වසරේ දී මෙම උත්සව සම්ප්‍රදාය ආරම්භ කළේ, වසංගතයේ බලපෑම හඳුනාගනිමින් ස්කොට්ලන්ත ගීත රචක ටොම් වෝකර් සමඟ “මෙතැනට සහභාගී විය නොහැකි අය සඳහා” මැයෙන්, පියානෝ වාදනයක් ද සමඟ බ්‍රිතාන්‍ය රූපවාහිනී නරඹන්නන් මවිතයට පත්කරමින් වීම විෂේශත්වයකි.

කුමරුගේ සහ කුමරියගේ රාජකීය පදනමේ පුණ්‍යායතනයට සම්බන්ධ මෙම වසරේ ප්‍රසංගය “අන් අයට ආදරය, කරුණාව සහ සංවේදනය පෙන්වන” ප්‍රසංගයක් වනු ඇති බව කෙන්සිංටන් මාලිගය ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ සඳහා නම් කරන ලද පුද්ගලයින් 1,600 ක් පමණ රාජකීය පවුලේ සාමාජිකයින් සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින් සමඟ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රැස්වනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...