අපි අලුතෙන් නැගී හිටිනවා – මහින්ද රාජපක්ෂ

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දින විශේෂ සාකච්ඡාවක් නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

දෙසැම්බර් 15 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය සම්බන්ධව සහ අයවැය සම්බන්ධව මෙහිදී සාකච්ඡා වී තිබෙන බව සඳහන්.

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ පක්ෂයක් ලෙස අලුතෙන් නැගී සිටීමට කටයුතු කරන බවයි.

මෙම සාකච්ජාවේදී අයවැය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුනොකළ අතර දෙසැම්බර් 15 වැනිදා පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය පිළිබඳ මන්ත්‍රීවරුන්ව දැනුවත් කළ බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු ජනධිපතිවරයා,

අයවැය ගැන කතා කළාද?

නැහැ මෙතැනදී කතා කළේ නැහැ.

දැන් මොකද වෙන්නේ පක්ෂය අලුතෙන් බිහිවෙනවද?

අලුතෙන් බිහිවෙන්න දෙයක් නැහැ අලුතෙන් නැගී හිටිනවා.

මන්ත්‍රීතුමන්ලාට මොනවද දුන්න උපදෙස්?

නෑ ඉතින් අහගෙන හිටියා. උපදෙස් දෙන්න දෙයක් නැහැ මන්ත්‍රීවරු දන්නවනේ.

අයවැය සම්බන්ධයෙන් තීරණයක් ගත්තද? සහය දෙනවද?

නෑ ඉතින් අපි බලනවා අයවැයේ හොඳ සහ නරක දෙකක් තියෙනවා. හොද ඒවාට සහය දෙනවා.

කොළඹ ජනතාවට විතරයි සහන තියෙන්නේ කියනවා ඔබතුමාට එහෙම දෙයක් පේනවාද?

මට නම් තාම පෙනුනේ නැහැ. බලන්න ඕනේ.

සමස්තයක් විදිහට අයවැය හොඳයිද?

වරදක් නෑනේද.

බිම් මට්ටමේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අයවැයක් ද ?

පුළුවන්. හරියට කරනවා නම් පුළුවන්.

සල්ලි?

සල්ලි ඉතින් හොයා ගන්න ඕනේ.

යනුවෙන් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙන ලදී

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු බිට්කොයින් (Bitcoin)වලට සිදු වූ දේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 ඇමරිකානු ජනාධිපතිවරණයෙන්...

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...