ජනතා තීරණයට හිස නමමින් දිගු දේශපාලන ගමනට සමු දෙන අලුත්ගමගේ!

0
990

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

අද (16) දින මාධ්‍ය හමුවක් පවත්වමින්, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කර ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට තවදුරටත් තමන්ගේ සේවය අවශ්‍ය නොවන බවට මෙවර පැවති මහ මැතිවරණයෙන් පෙන්නුම් කර ඇති බව ඔහු එහිදී පවසා ඇත. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, එබැවින් තමන් දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කළ බවයි.