මෙරට අගවිනිසුරුවරිය ලෙස මුර්දු ප්‍රනාන්දු පත්කිරීමේ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය මෙරට අගවිනිසුරුවරිය ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙන බව සඳහන් වේ.

ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා, මෙරට වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දී තිබුණි.

ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක්ද වේ.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්වී ඇති අතර 1997 වසරේදී ප්‍රනාන්දු මහත්මිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත්, 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNDP දෑත් මෙරට විපතට පත්වූවන් දෙසට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මෙරට සිදුවූ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : අද රාත්‍රී 11.00...

ඌවට ආ දකුණේ සෙනෙහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : සමාජයේ විවිධ කණ්ඩායම්...

ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...