*
Thursday, December 12, 2024
spot_img

Latest Posts

අධ්‍යක්ෂ ජෙනරාල් හිස් අතින් ඩුබායි ගොස් ඒම දක්වා සහ සිට….

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 16,(LNW) කොළඹ :

ආසියානු රග්බි නිලවරණය වෙනුවෙන් පෙනී සිටීමට ගිය ශ්‍රී ලංකා රග්බ් අතුරු පාලනයේ ප්‍රධානියා වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දුට අවස්ථාවක් නොලැබුණු බව වාර්තා වෙනවා.විසුරුවන ලද පැවති රග්බි පරිපාලනයේ වැඩ බලන සභාපතිවරයාම,හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ලෝක රග්බි සම්මේලනයේ ඉල්ලීම පිට යැයි පවසමින් සදාචාරාත්මකව පිළිගත නොහැකි ආකාරයකින් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා විසින් රගර් හී පහසුකම් සැපයීමට යැයි පත් කර ගනු ලැබුවා.


ඒ අනුව විශාල ගැටළු ගණනාවකට මාධ්‍ය මඟින් වග උත්තරකරු බවට පත් කළේ අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දුවයි.යම් කිසි ආකාරයකින් තමන්ව භාවිතයට ගෙන පෞද්ගලික න්‍යාය පත්‍රයකට රගර් ක්‍රීඩාව මෙහෙයවන බවට මාධ්‍ය විසින් හෙළිදරව් කරන ලද කරුණු සමඟ සැකයක සිටි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, බැංකොක් හී පැවත්වෙන ආසියානු රගර් සම්මේලනයේ නිලවරණය සහ වාර්ශීක මහා සභාවට හිටපු සභාපතිවරයාම පිටත්ව යන්නට සූදානම් වන බව තහවුරු කර ගන්නට හැකි වුණා.ඒ අනුව එම නෛතික නොවන කාර්යයට ඔහුව සහභාගි කරවීමෙන් වැළකී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බැංකොක් බලා ගිය ද ඔහුට නිලවරණයේදී ඡන්දය භාවිතා කිරීමට අවසර ලැබී නැහැ.


එම අවස්ථාව දීමට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට කරන ලද හානි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරිම නිසා ආසියානු මට්ටමට ගොස් සිටින පිරිස් හෝ මැදිහත් වී ක්‍රියා නොකර,අධයක්ෂ ජෙනරාල්වරයා හිස් අතින් ලංකාවට එවීමට කටයුතු කර තිබෙනවා.විදේශ මාධය වාර්තාද පවසන්නේ 29 ක් පැමිණි බවත්,17 ක් හිටපු සභාපතිවරයාට හිමි වූ බවත්,11 ක් ඔහු සමඟ තරග කළ පිලිපීනයේ සභාපති වූ ඇඩා මිල්බි ට හිමි වූ බවත්ය.එම එකතුව 29 නොවී 28 වන්නේ ශ්‍රී ලංකාවේ ඡන්දය නොවැටෙන නිසාය.වත්මන් ආසියානු සභාපතිවරයාට පළමු අවස්ථාවේද ශ්‍රී ලංකාවේ ඡන්දය නොලැබුණු අතර ඒ සඳහා පිටත්ව ගිය එවකට සිටි සභාපතිවරයා ඡන්දය භාවිතා කළේ එවර ඔහු සමඟ තරග වැදුණු ජපන් ජාතික අපේක්ෂකයාටය.ඒ ඇති වූ නොහොදකම නිසා ලංකාවට අරියාදු කිරීම නොසැළකීම වැනි කරුණු පහසු කර ගන්නට ආසියානු සභාපතිට හැකියාව ලැබුණේ මෙරට ඇමතිවරුන්ට,හිටපු සහ පරිපාලනයට එන්න බලාපොරොත්තු වන අය මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද,ආසියානු සභාපතිවරයාගේ උවමනාව වෙනුවෙන් පෙනී සිටි බැවින්ය.


මේ උවමනාවේ ඇත්ත තත්ත්වය එළියට ආවේ රොෂාන් රණසිංහ ඇමතිවරයා පත් කළ,අධිකරණයෙන් බල රහිත කළ ස්ථාවරකරණ කමිටුව නම් අමුතු පරිපාලන කමිටුව අඩව් අල්ලන්නට පටන් ගනිද්දීය.ඔවුන් සෘජුවම පළමු මොහොතේම එය ඒ ශ්‍රේණියේ රගර් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජවලට බලය ලැබෙන සේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ උවමනාවක් මතු කරමින් පවතින ව්‍යස්ථාව වෙනස් කිරීමට උත්සාහ ගත්තේය.මේ මොහොතේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඔවුන්ගේ එම උවමනාවට සිර කර තබා,ගල් මුල්වලට ඉලක්ක වෙන්නට ඔහු ඉදිරියෙන් තබා අවශ්‍යයතා සහිත අය සැඟ වී සිටින බව අප අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන්නේය.
ඒ ක්‍රීඩා සමාජවලට බලයේ අවශ්‍යයතාවයක් මතු වන්නට ගත්තේ lankanewsweb.net මූලිකව එක දිගට,නැවත නැවත කරන ලද හෙළිදරව් කිරීම් සමඟය.ඔවුන් පෙන්වා දෙන ඒ කුමාර ක්‍රීඩා සමාජවල පුද්ගලයින් බලයේ සිටියදී ශ්‍රී ලංකා රගර් මිලියන 55 ක් ණය වීම ගැන ඔවුන් කතා කරන්නේ නැත.වරකට මිලියන ගණනක් රග්බි ක්‍රීඩාව වෙනුවෙන් එම ක්‍රීඩා සමාජවලට වියදම් කරන්නට වත්කම් ඇති හෝ සොයා ගත හැකි බව කියන එම ක්‍රීඩා සමාජ නියෝජිතයින් ශ්‍රී ලංකා රග්බි ගිණුමේ මිලියන 55 ක් ණය වීම ගැන ගැටළුවක් තිබෙන බව කියන්නේ නැත.


එසේම පවුම් 50 ක දඩයක් ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට එන මුදලින් අඩු කරන්නට යැයි පැවසූ පරිපාලනය නියෝජනය කළ අයගෙන් අය කරන්න යැයි ඔවුන් කියන්නේ ද නැත.හේතුව ඔවුන් බලය ඉල්ලන ක්‍රීඩා සමාජ හරහා ඔවුන් පත් වී සිටි බැවිනි.මේ කාරණා සමාජගත වීම සහ අඛණ්ඩව ඒ ගැන සමාජය දැනුවත් කිරීමේ මාධ්‍ය ක්‍රියාවලිය තුළ ඔවුන්ට සැඟවෙන්නට ඇත්තේ බලය වැඩි පුර තමන් සතු කර ගැනීමෙන් යැයි යන හැඟීම මත පිහිටා ඔවුන් මේ බලපෑම ඇති කරමින් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ සංග්‍රාමයට සම්බන්ධ වූවේය.


ස්ථාවරකරණ කමිටුව පත් වූ වහාම එහි සභාපතිවරයා ඔහු විසින් නම් කරන ක්‍රීඩා සමාජ 8 හැරෙන්නට අන් ක්‍රීඩා සමාජ හැඳින්වීමේදී සංසන්දනාත්මකව කළ කාරණා දැක්වීමේදී පැවසූ වචනයක් මේ සමඟ ඇති වීඩියෝව මඟින් ඔබට දැක ගන්නට අවස්ථාව ඇත. “ක්ලබ් හවුස් එකක්වත් නැත“
මේ අඩු පාඩුව ඔහු කියන ක්‍රීඩා සමාජවලට නැත.ඒවා කුමාර ලීලාවෙන් වැජඹෙන සුරා – නුරා රස වෑහෙන තැන් ය.ඒවාට එන ආදායම් ඒ ක්‍රීඩාංගණ ගොඩනැඟිළි සම්බන්ධයෙන් වාර්ශික තක්සේරු කී වරක් වෙනස් වි ඇද්ද?එවැනි තැන් පිහිටා තියෙන තැන්වල සම්බන්ධයෙන් ඉදිකිරීමක හෝ ව්‍යාපාරයක තක්සේරුව කවරේද?අප යෝජනා කරන්නේ ඒවාට සහන නොදෙන්න කියා නොවේය.ක්‍රීඩාව වෙනුවෙන් ඒ දේවල් සිඳු විය යුතුය.එහෙත් එවැනි භුක්ති වදීම් සමඟ අනෙකුත් තමන් කරන ක්‍රීඩාවේම දුශ්කර තත්ත්වයන් සමඟ නැඟෙන්නට හදන පිරිස ඒ නැතිකම්වලින් හෑල්ලුවට ලක් කරන්නට සහ ඔවුන් සතුව ඇති බලය අවප්‍රමාණ කිරීමට යෝජනා කිරීම සහ ඒවා හෑල්ලුවට ලක් කිරීම සදාචාරාත්මක නැත යන්න අපේ අදහසය.
ලෝකයේ නොව රටේ ද ඉතා කුඩා තැන්වල සිටිය මිනිස්සු ඒ තැන් නිසා අත හැරියානම් අද අනුර කුමාර දිසානායක කියා ජනාධිපතිවරයෙක් මේ රටේ නැත.ඇත්ත එබඳුය.ඒ නිසා කුමාර ක්‍රීඩා සමාජ කිහිපයක් සිය කුමාර ලීලාවට රගර් පාලනයේ යතුර අරගෙන සෙසු ක්‍රීඩා සමාජ අවමානයට,අපහසුවට ලක් කරන බව මේ වීඩියෝව හරහා දැනි දැනීත්,ජනතාවගේ පහළ ස්ථරයේ සිට ඉහළ ස්ථරය දක්වා අසමානකම් අඩු කිරීමේ භාරදූර කාර්යය පවරා ගනිමින් රාජ්‍යයේ ව්‍යහුය ඒ අනුව සකස් කරන්නට උත්සාහ දරන ආණ්ඩුවක් මේ ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වෙයිද?


අද අනුර කුමාර දේශපාලනිකව ලෝකය දන්නා තරමට ඔහුගේ ගම ආසන්නයේ ලෝකය දන්න මනුස්සයා දිනේෂ් ප්‍රියන්තය.ඔහු ඉතා අවම පහසුකම් මැද උගෙන,සෙබළෙක් වීමේ සුදුසුකම් ලැබ යුද්ධයට ගොස් ආබාධිත නොවුණානම් ඔහුට ලෝකය ජය ගැනීම වෙනුවෙන් එල්ලය ගැනීමට හෙල්ලය අතට ගන්නට සිඳුවන්නේ නැත.එවැනි අභාග්‍ය සම්පන්න උරුමයක් ඔහුට වරමක් වූවාට ඒ පාසල්වල ක්‍රීඩාව නැති කම නිසා නිකංම පොළවට පස් වී ගිය මිනිසුන්ගේ කතා කෙතරම් ඇද්ද?
අප කුඩා කාලයේ උගත් මුදලිහාමිගේ චරිතය සහිත මිටර් 100 අදත් කියවන විට ඈත ගම්වල දරුවන්ට තමන්ට මුදලිහාමි වෙන්න සිතෙන අවස්ථා කොතෙකුත් හමු වෙනවා ඇත.රාජ්‍යෙය් පාලකයෝ පමණක් නොව රාජ්‍ය නිලධාරීන් ද මේ මොහොත දක්වාම මේ සිඳුවීම පසුපස කුමාර ක්‍රීඩා සමාජ වෙනුවෙන් බලය අල්ලා ගැනීමේ මෙහෙයුමට දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ දායක වී ඇති බව අපේ විශ්වාසය ය.ඊට විශේෂයෙන් වෙනස්ම ව්‍යවස්ථාමය වෙනස් සහතික කර ගැනීමේ උවමනාව ඇති වෙන ආකාරයට ණය කරපු,දඩ ගෙවන්න සිඳු වූ පුද්ගලයින් ගැන අප විසින් සකස් කළ වේදිකාව හේතු වන්නට ඇත.ඒ ගැන අපි ආඩම්බර වන්නෙමු.කුමාර පංතියේ මිනිසුන්ගෙන් ණය අය කිරිමට,ඒ පංතියේ අය කළ වැරදිවලට ගෙවන දඬය ලෝකයෙන් ලැබෙන සංවර්ධන අරමුදල් වලින් නොගෙවා වරද කළ අයගෙන් අය කර ගැනීමට වැනි කරුණු පෙන්වා දෙමින් අඩුම තරමේ ඒ වරදවල් සඳහා පරීක්ෂණයක් කර දඩුවමක් හෝ දෙන්නට යැයි කරන පෙළඹීම මත කුමාර ක්‍රීඩා සමාජවලට තින්දු තීරණ ගෙන වැරදිවලට වගකිව යුතු කුමාරවරු බේරා ගන්නට සූදානම් පංතියක සටනක් බව අපි රගර් කේෂ්ත්‍රෙය් ගැටුම කියවා ගත්තෙමු.


අප දන්නා තරමින් ඒ කුමාර සමාජයේ ද එසේ පංතිමය වශයෙන් ක්‍රීඩා සමාජ පාසල් අවර ගණයට දමා සිතන පිරිස් නැති බවද අපි දනිමු.මෙවර ජාතික ජන බලවේගය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියද ඊට සරල උදාහරණය.ඒත් තවමත් පොඩි එකාගේ හයිය දිරවන්නෙ නැති එයට කොළොප්පම් කරන,පාච්චල් කරන පරණ ඔළු ගෙඩි ඇත.ඔවුන්ට රට හමුවන්නේ තමන්ගේ පංතියේ උවමනාවන් සිංඳුණු පසු විනෝද වෙන්නට ගයන ගීතයකදී පමණි.
මේ නරක තත්ත්වය තව දුරටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද ගිල ගෙන පවතින බව අපි දනිමු.අප මේ මොහොතේ ද ඔහු දක්ෂ සහ අවංක පරිපාලන ඉතිහාසයට ගරු කරමින් මේ සියල්ල ගැන විමසා සිටියෙමු.මෙහි කතා කර ඇති බොහෝ දේ කාලයක සිට ඔහුට පවසා ඇති දේ ය.ඔහු ඒ බොහෝ දේ සඳහා ඇලු වතුරත් නිවා ගත් උත්තර දෙමින් වුව ද මෙහි බරපතලකම වටහා ගනිමින් සිටින්නට ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.ඒ සඳහා හොඳම උදාහරණය බැංකොක් හී පැවති නිලවරණය පහසුකම් සපයන්නාට වැළක්වීම සහ එය කළ ආකාරය ගැන දොස් පැවරීමය.එහෙත් ඒ අප දන්නා කාරණාවලට පිටත තව බොහෝ දේ තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.


ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ අති දක්ෂ ක්‍රීඩිකාවක් වන තනූජා වීරක්කොඩි මේ මොහොතේ කාන්තා රග්බි සංවර්ධන වැඩ සටහනකට විදෙස් ගත වීමට නියමිතය.ඇයගේ දක්ෂතා ගැන අර්බූදයක් නැත.එහෙත් පවතින තත්ත්වය තුළ ඇය ඊට තෝරා ගත් නිර්නායකයන් කවරේද යන්න පැහැදිළි නැත.ඒ වියදම් දරන්නේ රගර් හී ගිණුම්වලින්නම් මාස ගණනක් තිස්සේ රගර් ගිණුම ව්‍යවස්ථානුකූලව පත්වන පරිපාලනයකට භාර නොදී භාවිතයට ගැනීමේ බරපතල වරදක් ද ඇත.මේ සියල්ල වැරදිවලට සමීප සහ සමාන ක්‍රියාවන්ය.ඒවාට යම් යම් විදිහට ලිහෙන ගැට යොදා තිබෙන්නට ඉඩ ඇත.එහෙත් මෙවැනි දේ සම්බන්ධයෙන් හෘද සාක්ෂියේ ගැසෙන ගැට නැසෙන තෙක්ම වඳ දෙනු ඇත. මේ සියල්ල සම්බන්ධයෙන් කම්පාවට පත් වී සිටින ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙන පිළිතුර කෙටි වුව ද දිග අදහසක් සැඟවුණ එකකි.
“අලුත් ඇමතිවරයා පත් වුණාම හමුවෙලා ඉවර වෙලා අපි හම්බ වෙමු“!
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙසේ හමු වී දෙන උත්තරය ඇතුළේ අපි කියන බොහෝ දේ තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.කැළණි ගඟෙන් මතුවන නයි වන්දනා මාන කර බලය තීරණය කළ රටක ඒ සියලු පුරවැසියෝ මිය ගොස් නැත.මේ ලැබුණු මොහොතේ ඔවුන්ව අල්ලා බුද්ධියේ ඇති මලකඩ,රොඩු ඉවත් කර නොදැම්මොත්,රගර් රොඩු නොව අනිත් රොඩු ද මිණි සේ සැරසී උඩ පාවෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan