ඔහු ගොස් දෙවසරක්!

Date:

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන පිය සටහන් තැබූ බීබීසී සංදේශයේ පළමු ශ්‍රී ලාංකික සංස්කාරක ප්‍රියත් ලියනගේ සහෘදයා සමුගෙන අදට දෙවසරක්.

ලාංකීය ඉතිහාසයේ අභියෝගාත්මකම පරිච්ඡේදයක ජාතිවාදී බලමුලුවලට නොබියව මුහුණ දෙමින් බීබීසී සිංහල සේවය මෙහෙයවූ ප්‍රියත්, සිය මාධ්‍ය මෙහෙවර ඉටු කළේ ඒ මෙහෙවර නිසා සිය ජීවිතයට පවා එල්ල වූ තර්ජන බිඳකුදු නොතකමින්.

ජනාධිපති ප්‍රේමදාස පියාගේ සමීපම මිතුරෙකු වුවත්, ප්‍රේමදාස පාලනය සමයේ සිය පියාගේ මළගමටවත් සහභාගිවීමට ඔහුට නොහැකි වූවා මතු නොව රාජපක්ෂ පාලනය සමයේ ද ලංකාව ඔහුට “තහනම්” වූයේත් ඒ අභීත මාධ්‍ය මෙහෙවර හේතුවෙන්.

චන්ද්‍රිකා පාලනය විසින් වරක් ගුවන් විදුලියෙන් පිටමං කළ “සංදේශය”, යළිත් ගුවන් විදුලියට පිවිසුණේ එවක අගමැති රනිල් ගේ අනුමැතියෙන්.

එහෙත් එදා එසේ සංදේශයට සහය දුන් ඔහුගේ රාජකීය පාසල් සගයා, ජනපති රනිල් වික්‍රමසිංහ, සිසු නායකයින් “ත්‍රස්තවාදීන්” කරමින් හිත්පිත් නොමැතිව සාමකාමී අරගලකරුවන් මතු නොව පොලිස් කාන්තාවන් පවා තලා, පෙලා දමමින් සිටින මොහොතක ප්‍රියත් ප්‍රමුඛ “සංදේශය” නැති අඩුව අන් කවරදාකටවත් වඩා අද දැනෙමින් තිබෙන බවත් ඔහුට ගෞරවයක් ලෙසින් සටහන් කළ යුතුමයි.

සරෝජ් පතිර​ණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...