Monday, December 11, 2023
spot_img

Latest Posts

ජනාධිපතිවරයාගේ තවත් තීරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයාගේ තීරණයක් ලෙස සුබසාධන ප්‍රතිලාභ පනතට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත් කිරීම් සිදු කර ඇති අතර, සියලුම ප්‍රාදේශිය ලේකම්වරුන් නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇති බව සඳහන් වේ.

නොවැම්බර් මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදු කර ඇති අතර, 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එකී පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පත් කිරීම් සිදු කර ඇති බව වාර්තා වේ.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්, මෙම අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් සඳහා රාජකාරි පැවරීම සිදු කරනු ඇති බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.