තීන්දුව පිළිගන්නේ නෑ. අවස්ථාව ලැබුනාම නිදහසට කරුණු කියන්නම්: හිටපු ජනපති

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW)
: ආර්ථිකය කඩා වැට්ටූ බවට හා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් නිදහසට කරුණු කීමට අධිකරණයේ දී යම් අවස්ථාවක් ලැබුණු විට ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙන බව හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට හෝ රටේ ආර්ථිකය කඩා වැට්ටීමට කටයුතු කළ බවක් තමන් පිළිනොගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ යැයි ද ඒ මහතා කීය.
ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා ඊයේ (15) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ බව පැවසුවේය.

අයවැය පරාජය කිරීමට හේතුවක් නොමැති බවත් එහි සාධනීය ලක්ෂණ තිබෙන බවත් කී ඒ මහතා පක්ෂයේ කිසිවෙකුත් අයවැයට විරුද්ධව ඡන්දය දීමට බලාපොරොත්තුව නොවන බව ද අවධාරණය කළේය.

පොඩි පොඩි අඩුපාඩු තිබුණත් එකට යන ගමනක දී එකට සිටිය යුතු යැයි ද ඒ මහතා කීය.
පක්ෂ සම්මේලනය ඉතා ඉහළින්ම පවත්වන බවත් සියලු දිස්ත්‍රික්කයක වල සෑම ශාඛාවකම සාමාජිකයින් ඒ සඳහා සම්බන්ධ කර ගන්නා බවත් කී හිටපු ජනපතිවරයා එහි සියලු සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ විසින් සිදු කරන බව ද ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...