අසත්පුරුෂ නම පැටබැදුණු ඉන්දියානු සත්කාරය සමඟ ඉන්දියාව අවසන් තරගයට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): සත්කාරක ඉන්දියාව අවසාන තරගය කරා පිවිසීම මත්බේදාත්මක වූ මාවතක් ඔස්සේ ඊයෙ සටහන් කරන්නට සමත් විය.ඒ නිසා ඉන්දීය සත්කාරකත්වය ගැන ඇසෙන කතාවලින් වැඩිපුර පැහැදිළි වන්නේ ඔවුන්ගේ අසත්පුරුෂ ගුණාංග වීම කණගාටුදායක තත්ත්වයකි.නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවත් වූ අවසාන පුර්ව තරගයේදී ඔවුන්ට එරෙහිව නැඟෙක ප්‍රධානම සහ ප්‍රමුඛතම චෝදනාව වන්නේ වන්කඩේ ක්‍රීඩාංගණයේදී අයිසීසි ය විසින් මුලින් තීරණය කළ තණතීරුව යොදා නොගැනීමය.
ඒ නිසා නවසීලන්තයට ඉන්දියාව මුහුණ දෙන්නේ තරග දෙකක් පැවත් වූ තණතීරුවකය.එය වෙනස් වන්නට අලුත්ම තණතීරුවේ ගැටළුවක් තිබුණා ද යන්න හෙළිදරුව් වි නොමැති අතර අයිසීසීය එවැනි වෙනස්වීම් සිඳුවන බව කියමින් එය සනාත කරන තත්ත්වයක පෙනෙන්නේ මේ තරගාවලියේ තීන්දු තීරණ ගැනීමේ අයිතිය සත්කාරක ඉන්දියාවට දන් දී අවසන් බවය.


මෙය තවත් අතකින් අනෙකුත් අයිසීසී ඉසව් පැවත්වෙන රටවලට ඉබ්බා දියේ දැමිමක් ද විය හැකිය.සමහර විට කණ්ඩායම් කළමණාකරුවන් නිහඬව සිටින්නේ ඒ නිසාම වන්නට හැකිය.තහනම ඉවත් වුවහොත් මේ මොහොතේ දක්ෂතාවල ද ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවුරුදු 18 න් පහළ තරගාවලියේදී මේ ඉඩ පාව්චිචි කරන්නට හැකිය.
කෙසේ වුව භාවිතා කරපු තණතීරුවක් නිසා පන්දුව වේගය සමඟ ඉහළට ඉල්පි ඒම අඩු තත්ත්වයක් තිබෙන්නට ඇත.ඒ නිසා නවසීල්නත ක්‍රිඩකයන්ගේ උසට සාපේක්ෂව පන්දුව පිත්තට ලබා ගැනීමේ යම් අපහසුවක් ඇති වන්නට ඇති බව සිතිය හැකිය.පන්දුව ඉහළ නො’එන නිසාම නවසීලන්තය වෙනුවෙන් ලකුණු 134 ක් රැස් කළ ඩැරල් මිචෙල් එල්ල කළ හයේ පහරවලදී එම හයේ පහරවල් එල්ල කළේ ඉදිරියට බව ද දැක ගන්නට හැකි විය.


එහෙත් නවසීල්නතය හමුවේ එසේ නොවිණිනම් ඉන්දියාවට ජය ගැනීමට නොහැකි වනු ඇතැයි නම් කිව නොහැකිය.ඔවුන් අතිශයින් ප්‍රබල කණ්ඩායමක්ය.වඩාත්ම නිවැරදි ක්‍රීඩා කරන 11 දෙනා හැදින්වීමට එම නම යොදනවාට වැඩිය හොඳම සංචිතය ලෙස හැදින්වීමය.ඕනෑම මොහොතක කෙනෙක්ගේ අඩුව ඒ මට්ටමට ඉතාමත් ආසන්න දක්ෂතාවලින් පිරවිය හැකි අයෙක් ඉන්දියාවට සිටින්නේය.ඒ නිසා තණතීරුවේ වාසිය පමණක් ඔවුන් සතු වූ බව කීම දුෂ්කරය.


ඉන්දියාව ලකුණු 398 දක්වා අවසාන පූර්ව තරගයකදී පිවිසීමම ඔවුන්ගේ දක්ෂතාවයට හේතුවක්ය.එයට කදිම පිළිතුරකට සැරසෙමින් සිටි ඩැරල් මිචෙල්ගේ සහ කේන් විලියම්සන්ගේ සබඳතාවය බිද දැමීම මෙන්ම,ඉන්දියාව සතුව සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා වන මොහොමඩ් ෂාමි එයින් ප්‍රයෝජන ගනිමින් ලකුණු 67 ට කඩුලු 7 ක් දවා ගැනීම අත්දැකීම් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට් වෙත ඉදිරිපත් කළ ඉගැන්වීමක් බඳුය.


ඒ නිසා ඉන්දියාව සමස්ත වශයෙන් නොවණත්,තණතිරුවේ ස්වභාවයෙන් වැඩ ගන්නට හැකි පරිනත දැණුම සාමී තුළ තිබුණ බව සහ ඔහු එයින් නවසීලන්තය අල්ලා පොළවේ ගැසූ බවනම් ඇත්තය.ඒ අනුව සත්කාරකයන් අසත්පුරුෂ චෝදනා සහිතව සිය මව්බිමේ උන්මාදනීය ක්‍රිකට් ප්‍රේක්ෂෂකයන් සමඟ අවසාන මහා තරගයට පෙළ ගැසීමට අවශ්‍යය සුදුසුකම් සපුරාගෙන අවසන්ය.අවසාන මහා තරගය යනු වෙනස්ම අත්දැකීමක්ය.කිසිවෙකුට කිසිඳු අවස්ථාවක වරදකට ඉඩ නැත.ඒ වරද යනු සමස්ත තරගයේ පරාජය තම කණ්ඩායම වෙත හරවන හේතුව වන්නට හැකිය.ඒ නිසා ශ්‍රී ලංකාව නැතත් ක්‍රිකට්මය ආශ්වාදයේ ගිලුණු කෝටි සංඛ්‍යාත ලොව පුරා ක්‍රිකට් ලෝලීන් අඩුම තරමේ රූපවාහිණියෙන් හෝ මේ තරගය සිය දෑසට උරා ගන්න සෑදි පැහැදි සීටින බව ඇත්තක්ය.ඒ සියලු දෙනාට දේශසීමා මායිම් අදාළ නොවන අති විශිෂ්ඨ අවසන් තරගයක ආස්වාදය ලබා දෙන්නට ඉන්දියාව ක්‍රීඩා කරන අපූර්ව විලාශය ද බලපානු ඇත.


අවසන් පූැර්ව තරගයෙන් ඉන්දියාව ජය ගත් හැටි ලකුණු පූවරුවෙන් දැන ගන්නට පහත සබඳතාවයට පිවිසෙන්න.

https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-2023-24-1367856/india-vs-new-zealand-1st-semi-final-1384437/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...