මුෂ්ටි ප්‍රහාරය පුහුණුකරන්නන් එකොළහක් ඉන්දියාවට

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):නොවැම්බර් 18 සිට 24 දින දක්වා ඉන්දියාවේ පටියාලාහි නේතාජි සුභාස් ජාතික ක්‍රීඩා ආයතනයෙහි පැවැත්වෙන විශේෂ බොක්සිං පුහුණු කදවුරක් සදහා ශ්‍රී ලංකා බොක්සිං පුහුණුකරුවන්ගේ සංගමයේ ලියාපදිංචි ක්‍රියාකාරී බොක්සිං පුහුණුකරුවන් 11 දෙනෙකු තෝරා පිටත් කිරීමට පියවර ගෙන ඇත.

සති දෙකක කාලයක් පැවත්වෙන මෙම පුහුණු සැසියට අදාළව නොවැම්බර් 7 සිට 14 දක්වා මාර්ගගත තාක්ෂණය ඔස්සේ විශේෂ සැසි 17 ක් මේ වන විට පවත්වා අවසන් කර ඇති අතර 18 සිට 24 දක්වා භෞතිකව සම්බන්ධ වෙමින් පිටියාලා හී දී ඉතිරි කොටස වඩාත් ප්‍රායෝගිකව පැවත්වීමට සූදානම් කර ඇත.

මේ සදහා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ගරු සභාපති ඩයන් ගෝමස් මැතිතුමා, ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ ගරු උප සභාපති වසන්ත කුමාර මැතිතුමාගේ මුලිකත්වයෙන් පාසල් බොක්සිං සංගමය හා BASL හි පුහුණුකරු කොමිසම එකතුව මෙම පුහුණුකරුවන් තෝරා ගත් අතර පහතින් දැක්වෙන්නේ එම පුහුණුව සඳහා තෝරා ගන්නා ලද පුහුණුකරුවන්ගේ කණ්ඩායමය.

  1. KACN ඇලෙක්සැන්ඩර් – ශාන්ත ඇලෝසියස් විද්‍යාලය,රත්නපුර
  2. TBJG බණ්ඩාර – ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය, මහනුවර
  3. A වීරසූරිය – මධ්‍ය විද්‍යාලය, බණ්ඩාරවෙල
  4. N දසුන් ප්‍රියන්ත – පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය
  5. M.නික්සන්රුබරාජ් – වවුනියාව දිස්ත්‍රික් බොක්සිං සංගමය
  6. ඉඳුනිල් කොද්දුරු ආරච්චි – සුනන්දෝපානන්ද මහා විද්‍යාලය, මොරටුව,
  7. අශාන් පොල්වත්ත – නිවිතිගල රාජකීය විද්‍යාලය, දෑල
  8. චතුරංග සුජිත් – එකිරිය විද්‍යාලය,
  9. MM නිසාද් බණ්ඩාර – පෑබොටුව විද්‍යාලය
  10. M M J මුආත් – අසාර් විද්‍යාලය, අකුරණ
  11. නිරංජලා සේනානායක – ග්‍රිට් ස්ට්‍රෙන්ග්ට් ඇකඩමිය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...