*
Friday, May 3, 2024
spot_img

Latest Posts

” මිත්‍ර ශක්ති ” යුධ අභ්‍යාසය අද සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දියාවේ පූනේහි පිහිටි ඉන්දීය හමුදාවේ 330 පාබල බලසේනාවේ දී ආරම්භ වන ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසයට සහභාගී වීම සඳහා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාව බලා ඊයේ (15) පිටත්ව ගොස් ඇත.

ඒ අනුව එම මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය අද (16) සිට ආරම්භ වන බවද වාර්තා වේ.

නිලධාරීන් 29 දෙනෙකු සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් යුත් බල ඇණියක් මෙලෙස ඉන්දියාව වෙත පිටත්ව ගොස් ඇති අතර, ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය සංවිධානය කර ඇති බව සඳහන් වේ.

මෙම යුධ අභ්‍යාසය ලබන 29 වනදා දක්වා පැවැත්වෙන අතර, අන්තර් ක්‍රියාකාරීත්වය, යුධ සහයෝගිතාව, ඒකාබද්ධ උපායික මෙහෙයුම් පැවැත්වීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම, ජාත්‍යන්තර යුද ගැටලු පිළිබඳ අවබෝධය යනාදිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය සංවිධානය කර ඇති බව වැඩි දුරටත් වර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan