IMF  වැඩසටහනේ තුන්වන සමාලෝචනය ළඟදීම!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

අද (17) දින IMF  වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා වන සාකච්ඡා පැවැත්වීමට විශේෂ නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම ලබන 23 වනදා දක්වා මෙරට රැඳී සිටින බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ වාරිකය ලබා දීමට නියමිත බව පැවසේ.

IMF දූත කණ්ඩායමක්  ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා සහ කණ්ඩායම් සමග එහිදී ඵලදායි සාකච්ඡාව පැවැත්වීමට හැකි වූ බවයි

IMF වැඩසටහනේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතයක් අත්කරගෙන ඇති බවද ශ්‍රීනිවාසන් එහිදී සඳහන් කළ අතර, ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ලබාගත් සාර්ථකත්වය මත ගොඩනැගිය යුතු බව ඔහු තවදුරටත් පෙන්වා දුනි

ශ්‍රී ලංකාවේ නව රජය IMF වැඩසටහනට පූර්ණ වශයෙන් කැපවී සිටින බව පැහැදිලි බව ද  ශ්‍රී නිවාසන් මෙහිදී අවධාරණය කළ අතර, මීළඟ ඇගයීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් වොෂිංටන් නුවරට පැමිණ සිටින අතර ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව  ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් කියා සිටියේය .

ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ , සාකච්ඡා ඉතා හොඳ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවට ගිය පසුවත් සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...