කාවන්තිස්ස වෙනුවෙන් පරිසරවේදීන් ජාත්‍යන්තරය අවදි කරයි (PHOTOS)

කොළඹ LNW:ආසියාතික අලියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් අද (17) කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවේ මහ ඇතා ලෙස විරුදාවලිය ලත් පසුගියදා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත් කාවන්තිස්ස හස්තියාගේ මරණය පාදක කරගෙන එම ජීවිත රැකගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සංකේතාත්මක විරෝධතාවෙන් අනතුරුව නිදහස් චතුරසයේදී ඉටි පහන් දල්වා කාවන්තිස්ස හස්තියා අනුස්මරණය කිරීමද සිදුකළේය.

අලි මිනිස් ගැටුමට නිසි විසඳුම් සෙවීම මෙන්ම ආසියාතික වන අලි රැක ගැනීම වෙනුවෙන් මේ මොහොතේ සක්‍රීය මැදිහත්වීමක් අවශ්‍ය බවයි මෙහි සංවිධායකයින් අවධාරණය කළේ.

පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබුණි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බහරේනයේ ඇමරිකානු රේඩාර් පද්ධතියට එල්ල කළ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් ව්‍යර්ථ කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17:බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා...

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයට නව මුළුතැන්ගෙයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ...

ලාෆ්ස් ගෑස් මිල අඩුකරයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

මිලියන 5ක TikTok රසිකයන් පිරිසක් ඉන්න Spud Bros මුණගැහෙන්න ගිය චාල්ස් රජු; කැමතිම Add-ons ටිකත් හෙළි කරයි!

සටහන – පුලීනොවැම්බර් 17, LNW (කොළඹ): එංගලන්තයේ තුන්වන චාල්ස්...