කාන්තා හිංසනය පිටු දකිමු! කාන්තාවන්ගේ හඬ අද පොලිස් මූලස්ථානය ඉදිරි පිටදී…

Date:

පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන හිංසනයන් පිලිබඳව වහාම පරීක්ෂණ පවත්වා අදාල නිලධාරීන් සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙසඉල්ලමින් අද(17)දින උදෑසන පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී නිහඬ උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.
යුක්තිය උදෙසා පෙනී සිටින කාන්තාවෝ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කොට තිබුනි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්මහිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් කාන්තාවන් දෙදෙනෙකු කළුතර සිට කොළඹ දක්වා පාගමනින් පැමිණෙමින් සිටියදී පානදුර ප්‍රදේශයේදී පොලීසිය විසින් මගහරස් කර ඔවුන්ට බාධා කිරීමත් එම අවස්ථාවේදී පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් පොලීස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ බෙල්ලෙන්අල්ලා බැණ වදිමින් ඔවුන් තල්ලු කීරීමත්, මහමඟ පවත්වන උද්ඝෝෂණ සහ පාගමන් වලදී පොලීසිය විසින් කාන්තාවන්ට සිදුකරන හිංසනයන් පිළිබඳවපරීක්ශන පවත්වා අදාළ නිලධාරීන් පිලිබදව වහා නීතීමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, එවැනි සිදුවීම් සිදු නොවීමට පොලීසිය වහා ක්‍රියා කලයුතු බවත්පවසමින් මෙම උද්ඝෝෂණ ව්‍යපාරය පැවැත්විනි.

එහිදී උද්ඝෝෂකයින් විසින් මෙම කරුණු ඇතුලත් පෙත්සමක් පොලිස්පතිවරයා වෙත බාරදීමක්ද සිදු කෙරුනි.

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...