නීති කැඩිල්ල පැත්තකින් තබා මහාචාර්ය රංජිත් උගත්කම ගැන විපක්ෂ නායකට ලියුම් ලියයි!

Date:

කොළඹ LNW:කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16) පාර්ලිමේන්තුවේදී චෝදනාත්මකව කරුණු දැක්වීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර වශයෙන් සභාපතිවරයා විසින් විපක්ෂ නායකයාට ලිපියක් යොමුකර තිබේ.

තමන් අධ්‍යාපනික සුදුසකම් සහිත වෘත්තිකයෙකු බැවින් ඔබ මෙන් කටයුතු කිරීමට මට නොහැකි බවත් ඔබ හැසිරෙන ආකාරයට හැසිරීමට නොහැකි බවත් මිනිසුන්ට නිරපරාදේ අගෞරව කිරීමට නොහැකි බවත් ඔබ රටක් පාලනය කිරීමට කල්පනා කරනවා නම් රටේ වෘත්තිකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමට ඉගෙන ගන්නා ලෙසත් ප්‍රේමදාස මහතාට ඔහු සිය ලිපිය මඟින් අවධාරණය කර ඇත.

“විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලියමි

අද පාර්ලිමේන්තුවේ මා නොමැති අවස්ථාවක මාගේ වෘත්තීය කීර්ති නාමයට හානි කරවමින් “ඔබේ පුතා COPE එකට ආවේ කොහොමද?” කියා ඔබතුමා අසා තිබේ. මා හිතුවා ඔබතුමාට තේරෙන සරල භාෂාවෙන් උත්තරයක් දිය යුතුය කියා. මේ සමඟ අමුණා ඇති ලිපි ලේඛනද කරුණාකර බලන්න.

මා දන්නේ නැහැ ප්‍රේමදාස මහත්මා මොන විභාග පාස් කර තිබෙනවාද කියා. පාර්ලිමේන්තු වෙබ් පිටුවේ නම් LSC ගිය බවක් සඳහන් වෙනවා. ඒත් කිසියම් වෘත්තියක නිරත වෙලා ඉඳලා තිබෙනවද කියා සඳහනක් නැහැ. එහෙම කර තිබෙනවා නම් මේ මා කියන ටික තේරුම් ගනීවි. මා හිතන්නේ ඔබගේ පියාගේ අකල් අභාවයෙන් පසුව ඔබ දිගටම දේශපාලනය තමා කර තිබෙන්නේ.

මට නම් හොඳට හැදුනු පුත්තු දෙන්නෙක්ම ඉන්නවා. ඔවුන් ගැන මා ඉතා ආඩම්බර වෙනවා. ඔවුන් දෙදෙනාම හොඳට උගත් වෘත්තිකයන්. ඒ එක පුතෙක් තමා දැනට මාගේ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ. ඔහු ළඟදීම නීතිඥ වෘත්තියට ඇතුළු වීමට නියමිතයි.
ප්‍රේමදාස මහතාණෙනි, මා කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයකු වන අතර ආර්ථික විද්‍යා විෂය පිළිබඳ දේශකයකු හා ලේඛකයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම නායකත්වය, උපායමාර්ගික කළමනාකරණය, ව්‍යාපාර උපදේශනය, ව්‍යවසායකත්ව සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ආශ්‍රිතව කර ඇති සුවිශේෂී මැදිහත් වීම් සම්බන්ධයෙන් යම් කීර්තියක් දිනා සිටින බව වෘත්තීය ක්ෂේත්‍රයේ බොහෝ දෙනා දනී.

ඔබ දන්නා පරිදි දැනට මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. ඒ වගේම සමාජ සුබසාධන, ප්‍රජා සංවර්ධන සහ මානව කුසලතා බලගැන්වීම සඳහා කැප වූ සංවිධානයක් වන “කිරුළ පදනමේ” සභාපතිවරයා ලෙසත් මා කටයුතු කරනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත්,කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත්, නොර්වීජියානු කෘෂිකර්ම විශ්ව විද්‍යාලයෙන් විද්‍යාපති උපාධියත්, ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් මා සම්පූර්ණ කර තිබෙනවා.

මා විසින් ලියන ලද ශාස්ත්‍රීය ලිපි සහ ආර්ථික විශ්ලේෂණ ජාතික හා ජාත්‍යන්තර සඟරා රාශියක පළ වී තිබෙනවා. ආර්ථික විද්‍යාව සහ ආශ්‍රිත විෂයන් තේමා කොටගත් කෘතීන් ගණනාවක් මා විසින් විසින් රචනා කොට තිබෙනවා. ශ්‍රී ලංකා ඉකොනොමික් ජර්නලයේ සහ ලංකාවේ කීර්තිමත් කළමනාකරණ සඟරාවක් වන කළමනාකරණ ඩයිජෙස්ට්හි කර්තෘවරයා ලෙසත් මා කටයුතු කර තිබෙනවා.

කොළඹ ව්‍යාපාර කළමනාකරණ පාසල, ඉම්පීරියල් ස්කූල් ඔෆ් බිස්නස්, DKB හෝල්ඩින්ග්ස් සහ B-7 රිසෝට් ඇතුළු සමාජ ව්‍යාපාර කිහිපයක් පිහිටුවීමට මා මූලිකත්වය අරගෙන තියෙනවා.

ඔබතුමා දන්නේ නැතුව ඇති ආයතනික සැලසුම්, නව ව්‍යාපාර ආකෘති, නව නිෂ්පාදන සංවර්ධන උපාය මාර්ග, කළමනාකරණ සහ අලෙවිකරණ උපාය මාර්ග සංවර්ධනය හරහා කෙටි කාලයක් තුළ සිය ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවකට මා සහාය වී තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙසත්, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, මර්චන්ට් ඉන්ෂුවරන්ස් ඇතුළු දැවැන්ත සමාගම් සමුහයක අධ්‍යක්ෂ ධුර දරා ඇති තිබෙනවා.

මගේ 30 වසරක වෘත්තීය ජීවිතය පුරාවටම මහබැංකුව, මුදල් අමාත්‍යංශය, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය සහ ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ මට්ටමේ තනතුරු රාශියක් හොබවා තිබෙනවා. එමෙන්ම සෙරෙන්ඩිබ් එන්ජිනියරින් ගෲප් පීඑල්සී හි අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ශ්‍රී ලංකා මෙල්වයර් ගෲප් හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. “ශ්‍රී ලංකා පදනම” ජාතික නායකත්ව අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛතම ජාතික මධ්‍යස්ථානය ලෙස පරිවර්තනය කිරීමට මම මූලික වු බව කාගෙත් පිළිගැනීමයි. දැනටත් මා දිවයිනේ ප්‍රමුඛපෙළේ ව්‍යාපාර ගනණාවක උපාය මාර්ගික උපදේශකයකු ලෙස කටයුතු කරනවා.

ඉතින් මා අධ්‍යාපනික සුදුසකම් සහිත වෘත්තිකයෙකු බැවින් ඔබ මෙන් කටයුතු කිරීමට මට නොහැකිය. ඔබ හැසිරෙන ආකාරයට හැසිරෙන්නට මට බැරිය. මිනිසුන්ට නිරපරාදේ අගෞරව කිරීමට මට නොහැකිය. ඔබ රටක් පාලනය කරන්න කල්පනා කරනවා නම් මේ රටේ වෘත්තිකයන්ගේ ගෞරවය ආරක්ෂා කරන්න ඉගෙන ගන්න. ඔවුන්ට නිකරුණේ අගෞරව නොකරන්න. කරුණු සොයා බලා කතා කරන්න. ඔබට එසේ කිරීමට හැකියාව සහ ධෛර්ය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

මෙයට හිතවත්
මහාචාර්ය රංජිත් බණ්ඩාර, PhD (Qld.,)”

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...