අයවැය පරාජය වුවහොත් රටම යළි අරගල බිමක් වේවි – සියඹලාපිටිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අයවැය පරාජය වුවහොත් රටම යළි අරගල බිමක් බවට පත් කිරීමට හේතුවක් වනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
එසේම, අයවැය පරාජයට පත් වීම යළි රට ආපස්සට හැරවීමක් බවත්, එවන්නක් සිදු කිරීමට පාර්ලිමේන්තුව තුළ සිටින කිසිදු මන්ත්‍රීවරයකුට අවශ්‍යව ඇතැයි තමා නොසිතන බවත් සියඹලාපිටිය මහතා පවසයි.

අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ මතු වූ විවාදය පිළිබඳ ව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත මගින් එය 5%ක මට්ටමක පවත්වාගෙන යා යුතු බව දන්වා ඇති බවයි.

එහෙත් ගෙවී ගිය වසර 20 තුළ පැවැති කිසිදු රජයක් එම වගන්තියට අනුව කටයුතු කිරීමට අපොහොසත් වී ඇතැයි පෙන්වා දුන් අතර, ආර්ථික අර්බුදය උග්‍රව පවතින මෙවැනි තත්ත්වයක් තුළ අයවැය හිඟයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීම ම ගැටලුවක් බව අමාත්‍යවරයා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...