ලොව විශේෂ වරායන් අතරට එක්වෙමින් පේරු රාජ්‍යයේ Chancay වරාය ජනතා අයිතියට!

Date:

කොළඹ LNW: පේරු රාජ්‍යයේ Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවය චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වත්මන් Chancay වරාය “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් පවතින බව ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පැවසුවා.

වසර 500 කට පෙර, පේරු හි මුතුන් මිත්තන් වන ඉන්කාවරු ඇන්ඩීස් කඳු, උතුරු හා දකුණ හරහා දිවෙන Inca Trail ඉදි කළා. වර්තමානයේ චීනය හා පේරු රාජ්‍යය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමෙහි සංකේතවත් ව්‍යාපෘතියක් ලෙස Chancay වරාය, මෙම පැරණි මාර්ගයට නව ජීව ශක්තියක් ගෙන දෙන අතර පේරු හි සංවර්ධනය ප්‍රවර්ධනය කරනවා.

මේ හරහා චීන-පේරු දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කොට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පුළුල් කොට තිබෙනවා. එසේම චීන-ලතින් ඇමරිකානු සහයෝගීතා සහ ‘ගෝලීය දකුණේ’ සංවර්ධනයට හා පුනර්ජීවනයට නව ජවයක් මෙම සංචාරයෙන් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...