ලොව විශේෂ වරායන් අතරට එක්වෙමින් පේරු රාජ්‍යයේ Chancay වරාය ජනතා අයිතියට!

Date:

කොළඹ LNW: පේරු රාජ්‍යයේ Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවය චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වත්මන් Chancay වරාය “නව යුගයේ Inca Trail” සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් බවට පත්වෙමින් පවතින බව ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පැවසුවා.

වසර 500 කට පෙර, පේරු හි මුතුන් මිත්තන් වන ඉන්කාවරු ඇන්ඩීස් කඳු, උතුරු හා දකුණ හරහා දිවෙන Inca Trail ඉදි කළා. වර්තමානයේ චීනය හා පේරු රාජ්‍යය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමෙහි සංකේතවත් ව්‍යාපෘතියක් ලෙස Chancay වරාය, මෙම පැරණි මාර්ගයට නව ජීව ශක්තියක් ගෙන දෙන අතර පේරු හි සංවර්ධනය ප්‍රවර්ධනය කරනවා.

මේ හරහා චීන-පේරු දෙරටේ සාම්ප්‍රදායික මිත්‍රත්වය තහවුරු කොට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පුළුල් කොට තිබෙනවා. එසේම චීන-ලතින් ඇමරිකානු සහයෝගීතා සහ ‘ගෝලීය දකුණේ’ සංවර්ධනයට හා පුනර්ජීවනයට නව ජවයක් මෙම සංචාරයෙන් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...

එක්සත් රාජධානිය DRC වීසා සීමා කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය කොංගෝ...