මළ පැන්න රනිල් සිලින්ඩරේ ජාතික ලැයිස්තුවට නඩු දම්මන්න සැරසෙයි !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා රවී කරුණානායක මහතා පක්ෂ ලේකම්වරිය හරහා ඔහුගේ නම නිර්දේශ කර යැවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි කෝපයෙන් පසුවන බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

ඒ, මෙම මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සාගල රත්නායක මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා තද උත්සාහයක නියැළෙමින් සිටි පසුබිමකදී ය.

මෙම මන්ත්‍රී ධුර දෙක සඳහා පත්කිරීම් සිදුකිරීම හැකිතාක් ප්‍රමාද කරවා ගැනීමට ද වික්‍රමසිංහ මහතාට වුවමනා වී තිබී ඇති අතර රවී කරුණානායක මහතා පක්ෂයේ ලේකම්වරිය හරහා ඔහුගේම නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ එවන් තත්වයක් තිබියදී ය.

ඒ අනුව වික්‍රමසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවෙහි සිටින ජනාධිපති නීතීඥවරුන් දෙදෙනා වන ෆයිසර් මුස්තාෆා සහ රොනල්ඩ් සී. පෙරේරා අමතා මෙම මන්ත්‍රී ධුර අයිති ඔවුන් දෙදෙනාට හෙයින් එම මන්ත්‍රී ධුර ලබාගැනීම සඳහා අධිකරණය හමුවේ නඩු පවරන ලෙස දැනුම් දී ඇති බව ආරංචිමාර්ග සඳහන් කළේය.

එමෙන්ම වික්‍රමසිංහ මහතා රවී කරුණානායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තරම් කේන්තියකින් පසුවන අතර ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන්ගේ විශේෂ හමුවක් ද අද (නොවැම්බර් 18) සවස කැඳවා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංජා කිලෝ 43ක් සමඟ සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථයකින් වියළි ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි...

අයවැයට එරෙහි අද විරෝධතාවට අපි නෑ – පිස්කල්වරුන්ගේ සංගමය සහ ලඝුලේඛක සංගමය කියයි

2027 අයවැයට එරෙහිව වෘත්තීය සමිති රැසක් විසින් අද (23)...

නවක ලේඛක ලේඛිකාවන් ඇගයෙන ”උල්පතෙන් අලුත් ගඟක්” සාහිත්‍ය සම්මාන උළෙල 27 දා!

කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය එළඹෙන 27වන...

IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි...