නව සභාපතිවරයෙකු රාජකාරී අරඹයි!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ (LNW):

මහාචාර්ය පී. එන්. ඩී. ප්‍රනාන්දු මහතා, මහජන බැංකුවේ නව සභාපති ලෙස අද(18) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කළ බව වාර්තා වේ.

එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී, මහාචාර්ය පීඑන්ඩී ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස වැඩභාර ගැනීම සිදුකළේය.

එම අවස්ථාවට, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යධිකාරී ක්ලරයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජේෂ්ඨ කළමනාකාරීත්වය එක්ව සිටි බව සඳහන් වේ.

මූල්‍ය / බැංකු හා උසස් අධ්‍යාපනය පිළිබද වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යන අංශයේ මහාචාර්ය වරයෙකු සහ අංශ ප්‍රධානියෙකු මෙන්ම වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

විශ්වවිද්‍යාලය තුළ වසර 27කට වැඩි ශාස්ත්‍රීය මෙහෙවරක නිරතවූ ඒ මහතා නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වාදෙමින් මෙරට මූල්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සදහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, විදේශ විශ්වවිද්‍යාල කිහිපයකින් පශ්චාත් උපාධි ලැබූ මහාචාර්ය පීඑන්ඩී ප්‍රනාන්දු මහතා මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතන කිහිපයකම උපදේශකවරයෙකු හා සම්පත් දායකයෙකු ලෙසද කටයුතු කර තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් නරඹන්න.. https://youtu.be/QAOSzQFUoQg අමෙරිකානු...