අඩුපාඩු හදා ගෙන ඉස්සරහට යනවා – නාමල් කියයි

කොළඹ LNW:පක්ෂයක වැටීම මෙන්ම නැගිටීම මෙරට දේශපාලනයේ සාමාන්‍ය දෙයක් වන අතර තම පක්ෂයේ මෙන්ම තමන්ගේ ද අඩුපාඩු හදා ගනිමින් ජනතාවාදි පක්ෂයක් වශයෙන් ඉදිරියේදී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (18) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගෙන ඉදිරි දේශපාලන කටයුතු සඳහා ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි මහා නා හිමි අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගෙන තිබුණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර ව්‍යූහයේ වෙනසක් සමගින් ඉදිරියේදී වඩාත් පුළුල් වශයෙන් දේශපාලන කටයුතුවල නියැලෙන බවයි රාජපක්ෂ මහතා තවදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට වෙනත් පක්ෂයකට ගොස් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරු නැවත පක්ෂයට බඳවා ගැනීමේ ස්ථිර තීරණයක් මේ දක්වා ගෙන නොමැති නමුත් ඔවුන් සමඟ පාර්ලිමේන්තුවේ එක්ව විපක්ෂය වශයෙන් කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...