වත්කම් වලට ලෝභ වී වයෝවෘද කාන්තාවක් ඝාතනය කරලා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගියදා යාපනයේ නැගෙනහිර අල්වායි ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි වයෝවෘද කාන්තාවක් ඝාතනයට ලක්වී ඇති බව වාර්තා විය.

මෙම කාන්තාව තනිව ජීවත්ව ඇති අතර, 75,000ක පමණ වැටුපක් ගෙවමින් මෙහෙකාරියක් නිවසේ රඳවාගෙන තමන්ගේ ජීවිතය සුවපහසුව ගෙන ගොස් ඇත.

මෙහෙකාරිය සමග වාසය කරපු ඇය තමන්ගේ නිවසේ කොටසක් කුලි පදනම මත උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ දියණියකට සහ ඇගේ සැමියාට ලබා දී තිබූ බව තොරතු වාර්තා වේ.

මෙහි උක්ත කරුණ වූ වයෝවෘද කාන්තාව යාපනයේ සිටි ධනවත් කාන්තාවක් බව සියල්ලන් දැන සිට ඇති අතර, මන්ත්‍රී දියණිය දේපළ අත්පත් කරගැනීමේ අරමුණත් ඇතිව මෙම වයෝවෘද කාන්තාවගේ ගෙල සිරකර මරා දමා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

මෙහෙකාරියගේ සහයෝගය ද ඇතිව මන්ත්‍රී දියණියත් ඇගේ සැමියාත් මෙලෙස මෙම වයෝවෘද කාන්තාව ඝාතනය කර ඇති බව යාපනය නෙල්ලි අඩි පොලිසියට තොරුතුරු ලැබි ඇති අතර, මේ සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය , ඇගේ ස්වාමි පුරුෂයා සහ මෙහෙකාරිය අත් අඩංගුවට ගෙන ඇති අතර නොවැම්බර් 29 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස පේදුරුතුඩුව මහේස්ත්‍රාත් ක්‍රිෂාන්තන් පොන්නතුරෙයි පසුගිය 16 දින නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...