රත්වත්තේගේ පෙත්සමට අද ලැබුණු නියෝගය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ (LNW):

අද (19)දින අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ෂංක බන්දුල කරුණාරත්න සහ ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ , රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම කැඳවනු ලැබූ බව සඳහන් වේ.

ඒ අනුව එම පෙත්සමට විරෝධතා ගොනු කිරිමට අභියාචනාධිකරණය නීතිපතිවරයාට කල් ලබාදුන් බව වාර්තා වේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවට අදාල විරෝධතා ගොනුකිරිම සඳහා සති 4 ක කාලයක් ලබාදෙන ලෙසයි.

එම ඉල්ලිමට පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා විරෝධතාව පල පලකර ඇති අතර, ඒ සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසද ඉල්ලිමත් සමග නොවැම්බර් 29 වනදාට පෙර විරෝධතා ගොනුකරන ලෙස නියෝග කෙරුණ බව සඳහන් වේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ, මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබි ලියාපදිංචි නොකළ වාහනයක් සොයාගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...

දැන්වත් තරුශිව පෙනෙයි ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: අප මීට පෙර ආසියානු...

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව පිම්ම: 2026 වසරේ මුල් සති කිහිපයේ විශ්මිත දත්ත

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...