රටේ ජාතික සූරතාවයට එන්න කළින් අප්‍රිකාව වටේ ගොස් දක්ෂතා දියුණු කර ගන්නා හසාරා සහ හසිනි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 19,(LNW) කොළඹ :

සැම්බියාවේ පැවති ජාත්‍යන්තර බැඩිමින්ටන් සූරතාවලයිකදී ශ්‍රී ලංකාවේ හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජේරත්න කාන්තා යුගල අනු සූරතාවය දිනා ගන්නට සමත් වුණා.තවත් අප්‍රිකානු රටක් වන බොට්ස්වානා හී එළැඹෙන 21 සිට 24 දක්වා පැවත්වෙන තවත් ජාත්‍යන්තර තරගාවලියකට ද මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා සහභාගි වෙනවා.
මෙයින් හසාර ඉකුත් වසරේ ජාතික බැඩ්මින්ටන් සූරතාවලියේදි අමන්දා ද අල්විස් සමඟ එක්ව කාන්තා යුගල සූරතාවය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.මේ මොහොතේ හසාරා,හසිනි සමඟ එක්ව යුගල තරග සඳහා සහභාගි වන අතර ඔවුන් සැම්බියාව,බොට්ස්වානා මෙන්ම දකුණු අප්‍රිකානු තරගාවලියට ද සහභාගි වී ජාතික සූරතාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.
හසාරා සහ හසිනි ට අනු සූරතාවය හිමි කර දී සැම්බියා තරගාවලියේ යුගල සූරියන් වූයේ මාල දිවයින ක්‍රීඩිකාවන් දෙදෙනෙක්.ෆාතිමාත් නබාහා අබ්දූල් රසාක් සහ අමිනාත් නබීහා අබ්දූල් රසාක් නම් වූ ඔවුන් දෙදෙනා විසිපස් වියැති නිවුන් සොහොයුරියන් වෙනවා.ජාත්‍යන්තර තරග පිටියෙ අත්දැකීම බහුල මේ නිවුන් යුගලය මේ වන විට ජාත්‍යන්තර කාන්තා යුගල ශ්‍රේණිගත කිරීම්වල 129 වන තැන පසු වන යුගලයයි.එසේම ෆාතිමාත් කේවල තරග නියොජනය කරමින් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 170 වන ස්ථානයේ ද පසු වෙනවා.


සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට වඩා දක්ෂතා අතින් පහළින් සිටින රටක් හැටියට පිළි ගැණුනද අබ්දූල් රසාක් නිවුන් සොහොයුරියන් සම්බන්ධයෙන් ගත් විට ඔවුන් විසින් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගනිමින් කාන්තා යුගල තරගවලදී ඉහළ මට්ටමෙන් දස්කම් දක්වමින් සිටිනවා.මේ මඟින් නූතණ ලෝකය ක්‍රීඩාව අතින් වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගෙන දක්ෂතා අතින් ඉදරියට එමින් සිටින්නට දක්වන උනන්දුව සහ කැපවීම පැහැදිළි වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...